ගුවන් හමුදා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ගුවන් හමුදාපතිවරයා හමුවෙයි.
ගුවන් හමුදා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් 2026 පෙබරවාරි 13 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

සංගමයේ වත්මන් ගරු සභාපති එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා (විශ්‍රාමික), ගරු පළමු උප සභාපති එයාර් වයිස් මාර්ෂල් එල්එම්එස්කේ ලීලාරත්න (විශ්‍රාමික) සහ ගරු දෙවන උප සභාපති එයාර් කොමඩෝර් අමල් විමලරත්න (විශ්‍රාමික) සහ සංගමයේ අනෙකුත් සාමාජිකයින් ගුවන් හමුදාපතිවරයා බැහැදැක අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සහ සංගමය සහ ගුවන් හමුදාව අතර වඩාත් හොඳ අන්තර්ක්‍රියාකාරිත්වයක් වර්ධනය කිරීම සඳහා අනාගත පියවරයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

අවසාන වශයෙන් ගුවන් හමුදාපතිවරයා සංචාරය සනිටුහන් කිරීම සඳහා සභාපතිවරයාට සහ සාමාජිකයින්ට සිය සුභ පැතුම් එක් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි