ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය සාර්ථක උත්සාහයක...
අනුරාධපුර 'කඩ පනහ' ට අයත් 'ස්වර්ණා ඉලෙක්ට්‍රිකල්ස්'හි පසුගියදා (සැප්:29) උදෑසන 07:30ට පමණ හටගත් විශාල ගින්නක් මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු ගිනි නිවීමේ ඒකකය සමත් විය.

මෙම ගින්න පිලිබඳව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන මෙහෙයුම් නිළධාරීතුමා හට සැලවූ වහාම ඒ පිළිබඳව සොයාබලා,  ගිනි නිවීමේ ඒකකයේ භට පිරිසක් එම ස්ථානයට යැවීමට පියවර ගන්නාලදි. ඔවුන් එම ස්ථානයට ළඟාවීමෙන් අනතුරුව සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න අනෙකුත් වෙළඳසැල් වෙත ව්‍යාප්තවීමට මත්තෙන් සාර්ථකව මැඩපවත්ව්වන ලදි. ඒ මගීන් ඇතිවෙන්නට ගිය විශාල දේපල හානියක් මැඩපවත්වා ගැනීමට ගුවන් හමුදා ගිනි නිවීමේ භට පිරිසට හැකි විය.

මෙම ගිනි නිවීමේ භට පිරිස මෙහෙයවන ලද්දේ බලඝණ නායක එස්.පී. වීරසිංහ වන අතර මෙම ගිනි නිවීමේ භට පිරිස සඳහා බලපන්ති සැරයන් මැලේගොඩ එම්.ජී.ටී, බලපන්ති සැරයන් රත්නායක ආර්.එම්.එස්.පී, කෝප්‍රල් ජයසිංහ ජේ.එම්.එන්, කෝප්‍රල් ඒකනායක ඊ.එම්.එස්, කෝප්‍රල් කුමාර යූ.කේ.පී.එම් සහ නායක ගුවන් භට රණසිංහ ආර්.පී.එන්.එස් යන සෙසු නිළයන්ද සහභාගී වන ලදි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි