නැදුම්කුලම ප්‍රදේශයට ගුවන් හමුදාවෙන් ප්‍රජා සත්කාර රැසක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වවුනියාව, ජාතික සෞඛ්‍යය සතිය මූලික කරගත් ප්‍රජා සත්කාර සේවා රැසක් නැදුන්කුලම ප්‍රාථමික පාසලේදී පසුගිය ඔක්තෝබර් 7 වන දින සිදු කරන ලදී.

සෞඛ්‍යය සායන, දන්ත සෞඛ්‍යය සායන හා ඒ පිලිබදව පුද්ගලයින් දැනුවත් කිරීම මෙහිදී සිදු විය.

මෙම අවස්තාව උපයෝගී කර ගනිමින් ප්‍රදේශවාසීන් 200 කට අධික සංඛ්‍යයාවක් ප්‍රතිකාර ලබ ගන්නා ලදී. තවද පුද්ගලික සෞඛ්‍යය හා පිරිසිදු කම ගැනද මොවුන්ව දැනුවත් කරන ලදී.

වවුනියව කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කේ එෆ් ආර් ප්‍රනාන්දු ගේ අධීක්ෂණය යටතේ සිදු විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි