ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කටුනායක ගුවන් හමුදා කඳවුරේ ක්‍රීඩා පිටියේදී උත්සවාකාරයෙන් සමරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (2026 අප්‍රේල් 10) සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරූ අතර, එහි දී කටුනායක ගුවන් හමුදා කඳවුරේ ක්‍රීඩා පිටියේදී උත්සවාකාරයෙන් "අවුරුදු  උදානය" පැවැත්විණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව පැවැත්විණි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය ද ඒ සඳහා සහභාගී වූහ. කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත ජයමහ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඔවුන්ගේ කලත්‍රයන් සමඟ දිනයේ සිදුවීම් නැරඹීමට සහභාගී වූහ.

සහභාගිවන්නන්ට ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා සහ කඩිසරකම ප්‍රදර්ශනය කිරීමට දිරිගැන්වීම සඳහා පුළුල් පරාසයක සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා සංවිධානය කරන ලදී. මැරතන් තරඟයක් සහ පාපැදි තරඟයකින් සැමරුම් ආරම්භ වූ අතර, ඉන් පසුව ‘වාසනා මුට්ටිය බිදීම’, ‘අලියාට ඇහැ  තබීම’ සහ ‘කොට්ට පොර’ ඇතුළු කාලානුරූපී ඉසව් පැවැත්විණි. ‘ලිස්සන ගහ නැගීම ’, ‘කඹ ඇදීම ’ සහ ‘ගෝනි තරඟය’ සහ  අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීමේ තරගද පැවැත්වුණි 

මෙම අවස්ථාවට නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. ඔවුන්ගේ පවුල්වල අයද සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි