ගුවන් හමුදාව ‘වින්ග්ස් ඕවර් කප්රුක’ ආරම්භ කරයි
“‘වින්ග්ස් ඕවර් කප්රුක’' විශේෂ ගස් සිටුවීමේ ව්‍යාපාරයක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 අප්‍රේල් 10 කටුනායක ගුවන් හමුදා කඳවුරේ පොල් ගසක් සිටුවීමෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරේ බණ්ඩාරවත්ත හි අක්කර හතරක ඉඩමක පොල් පැළ සිටුවීමේ වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සියලුම පළාත් පුරා පොල් සහ අනෙකුත් පැළ 75000 ක් බෙදා හරිනු ලැබේ. රට තුළ පොල් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවය සපුරාලීම සහ ගස් සිටුවීමේ මුලපිරීම් පිළිබඳව ගුවන් හමුදා ප්‍රජාව සහ ප්‍රජා කණ්ඩායම් දිරිමත් කිරීම සහ දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරේ කෘෂි ඒකක අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සම්පත් ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා කෘෂි ඒකකය විසින් සිදු කරනු ලබන අතර, 2026 වසර පුරාම ගුවන් හමුදා ආයතන මට්ටමින් පැළ බෙදා හැරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.