ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක අනුයුක්ත කර්නල් එලි ටොලෙඩානෝ එයිටන් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හමුවිය.
නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක අනුයුක්ත කර්නල් එලි ටොලෙඩානෝ එයිටන් මහතා ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් 2026 මැයි 13 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා හමුවිය.

මෙම හමුවේදී මාණ්ඩලික ප්‍රධානී සහ සංචාරක අනුයුක්තකරු අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව කෙටි සාකච්ඡාවක් පැවැත්විය. ඉන් අනතුරුව සංචාරය සනිටුහන් කිරීම සඳහා නිල සමරු ඵලක හුවමාරුවක් ද සිදු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි