ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ අංශය 13 වන සංවත්සරය සමරයි.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පක්ෂාංගය 2026 මැයි 15 වන දින  සිය 13 වන සංවත්සරය සමරන ලදී. එදින කටයුතු ආරම්භ වූයේ සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් වන අතර එයට පක්ෂාංගයේ නිලධාරීන් සහ ගුවන් භටයින් සහභාගී විය. අතර අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් යූ.එම්.එස්.බී ආරියරත්න විසින් එය පරීක්ෂා  කරන ලදී.

මෙම අවස්ථාව සැමරීම සඳහා පක්ෂාංග පරිශ්‍රය තුළ පැළ  සිටුවීමේ වැඩසටහනක් පවත්වන ලදී. පසුව කාර්ය මණ්ඩලය අතර එකමුතුකම සහ සහෝදරත්වය ශක්තිමත් කිරීම සඳහා කණ්ඩායම් ගොඩනැගීමේ ක්‍රීඩා උත්සවයක් පවත්වන ලදී. සංවත්සර සැමරුමේ අංගයක් ලෙස කටාන ආනන්දපුර අනාථ නිවාසයේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ද සිදු කරන ලදී.  සංවත්සරයට සමගාමීව පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ඇති අතර කාර්ය මණ්ඩලය 50 කට ආසන්න සංඛ්‍යාවකට දිවා ආහාරය ලබා දී ඇත.

වර්තමානයේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පක්ෂාංගය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥ නිලධාරීන් හය දෙනෙකු සහ විවිධ විෂයයන් ඔස්සේ පුහුණුව ලත් ගුවන් භටයින් 142 දෙනෙකුගෙන් සමන්විත වේ. ගුවන් හමුදා මූලස්ථානය විසින් මෙහෙයවන ලද පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පුළුල් රාජ්‍ය අංශය විසින් සිදු කරනු ලබන ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සහාය වීම සඳහා බර යන්ත්‍රෝපකරණ සහ ඩම්ප් ට්‍රක් රථ සැපයීම පක්ෂාංගයේ මූලික වගකීම වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි