ජපන් ලංකා මිත්‍රත්ව සංගමය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිලන් රථ, ශිෂ්‍යත්ව සහ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කරයි
ජපන් ලංකා මිත්‍රත්ව සංගමය ගෝටෝ හිදෙයාකි මහතා සහ සංචාරය කළ දූත පිරිසගේ ත්‍යාගශීලී සහයෝගය ඇතිව ගුවන් හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ගිලන් රථයක්, දක්ෂ පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව හයක් සහ ඇස් කණ්ණාඩි යුගල 200 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කරන ලදී.
මෙම උත්සවය අතරතුර, නියෝජිත පිරිස ගිලන් රථයේ සංකේතාත්මක යතුර චාරිත්‍රානුකූලව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා වෙත භාර දෙන ලදී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් (ආචාර්ය) ලලිත් ජයවීර නිලධාරිතුමන්ද මේ සමඟ එක් විය.
ජපන් දූත පිරිසට අමතක නොවන අවස්ථාවක් බවට පත් කිරීමට සහ දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සැමරීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේදී සාම්ප්‍රදායික නර්තන අංග ඇතුළත් වර්ණවත් සංස්කෘතික වැඩසටහනක් ද සංවිධානය කරන ලදී. සංස්කෘතික සංදර්ශනවලින් පසුව ජපන් දූත පිරිස විසින් දක්ෂ පාසල් සිසුන් හය දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියට ඇස් කණ්ණාඩි යුගල 200 ක් ප්‍රදානය කරන ලදී.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සම්බන්ධතාවය අන්‍යෝන්‍ය සුහදතාවය, සහයෝගීතාවය සහ ජනතාව අතර සම්බන්ධතා මේ තුළින් අඛණ්ඩව වර්ධනය වේ. ජපන් ලංකා මිත්‍රත්ව සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මිත්‍රත්වය 2015 දක්වා දිවෙන අතර ගිනි නිවන රථ, ගිලන් රථ, හැරවුම් ඉණිමං වාහන සහ ගිනි නිවන රථයක් ඇතුළු ත්‍යාගශීලී පරිත්‍යාග මගින් තවදුරටත් ශක්තිමත් වී ඇත.
මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න, කළමනාකරණ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු බුද්ධික පියසිරි, සංස්ථාවේ සේවා වනිතා ඒකකයේ සභාපති වින්ග් කමාන්ඩර් ලිලංගි රන්දෙනිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. සීමාසහිත ග්ලෝබල් කම්පැණි ලිමිටඩ් (A Globle Company Limited) හි සභාපති ගොටෝ හිදේකි (Goto Hideaki) මහතා, ජපාන ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපති ජින් සොන්ගයු (Jin Songyue) මහතා,එරංගා හසන්ති (Dr Eranga Hasanthi) සහ නිලධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තා ක්‍රීඩිකාවන්ද මෙම උත්සවය සදහා එක් විය.