ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර සිය 48 වන සංවත්සරය සමරන ලදී.
සැමරුම් වැඩසටහන සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් ආරම්භ විය. එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නාලක වනසිංහ නිලධාරිතුමන් විසින් පරීක්ෂා කරන ලදී. පෙළපාළියෙන් පසුව කඳවුරේ පැල සිටුවීමේ වැඩසටහනක් පැවැත්විය. කාර්ය මණ්ඩලය අතර සුහදශීලීත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් සහ දැල්පන්දු තරඟ ද පවත්වන ලදී.
සංවත්සරයට සමගාමීව ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් කිහිපයක් සිදු කරන ලදී. 2025 මැයි 25 වන දින මහමෙවුනා අසපුවේදී ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී. කඳවුර අසල පිහිටි බස් නැවතුම් පොළවල් දෙකක් අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදු කරන ලදී.
ඊට අමතරව මාගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ වීරවිල කාර්මික විද්‍යාලයේ සිසුන් සඳහා ඉගෙනුම් ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන් පවත්වන ලදී. සියලුම ක්‍රියාකාරකම් නිලධාරීන්ගේ සහ කඳවුරේ සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.