ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් කෝප්‍රල් රුමේෂ් තරංග නැවත ශ්‍රී ලංකාවට පැමිණේ
ලෝකයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රුමේෂ් තරංග, ඩයමන්ඩ් ලීග් තරගයේ සුවිශේෂී දස්කම් දක්වමින් ජාත්‍යන්තර තරඟයකින් පසුව 2026 ජුනි 20 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය. තරඟ සංචාරය අතරතුර ඔහු රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් ලබා ගත් අතර එය රෝමයේදී මීටර් 92.62 ක විශිෂ්ට වාර්තාවක් සමගින් ජයක්ග්‍රහනය කර දැක්වීය.
ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව සුවිශේෂී දක්ෂතා සහ අධිෂ්ඨානය පෙන්නුම් කළ කෝප්‍රල් තරංග, දෝහා ඩයමන්ඩ් ලීග් තරගයට සහභාගී වීමෙන් අවසන් විය. ඔහුගේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉමහත් ගෞරවයක් ගෙන දී ඇති අතර ජාත්‍යන්තර මලල ක්‍රීඩා තුළ ජාතියේ කීර්තිය තවදුරටත් ඉහළ නංවා ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි කෝප්‍රල් තරංග, ගුවන් හමුදා මලල ක්‍රීඩා කමිටුවේ නිලධාරීන්, ලේකම් ගෲප් කැප්ටන් අමිත් ප්‍රියදර්ශන සහ ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයින්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා උප සභාපති ජගත් ඥානසිරි මහතා, සෙසු ගුවන් හමුදා නිලධාරීන් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.