ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත් කිරීම 2026 ජූලි 08 වන දින කඳවුරු පරිශ්‍රයේදී සිදු විය. භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළිය කඳවුරු පෙළපාළි භූමියේදී පවත්වන ලදී.  එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජී.එස්.එන් ප්‍රියදර්ශන නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් ඩබ්ලිව්.එම්.ඒ කුමාරසිරි නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කුමාරසිරි නිලධාරිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරය දැරූ අතර පසුව පාලවි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි