ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු පත්කිරීම 2026 ජූලි 10 වනදින කඳවුරු පරිශ්‍රයේදී සිදු විය. භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය කඳවුරු පෙළපාළි භූමියේදී පවත්වන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්.කේ. වීරසේකර නිලධාරිතුමන් විසින් එයාර් කොමඩෝර් ජී.එස්.එන්. ප්‍රියදර්ශන නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජී.එස්.එන්. ප්‍රියදර්ශන මීට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වීමට පෙර පාලවි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස රාජකාරී සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි