ඉෂාරා මධුරංගි දීප ව්‍යාප්ත විවෘත මේස පන්දු තරඟාවළිය වරණවත් කරයි
ගුවන් හමුදා මේස පන්දු ක‍්‍රීඩිකා ඉෂාරා මධුරංගි මහනුවර, ජගත් රාජපක්‍ෂ අන්තර්ජාතික මේස පන්දු සංකීර්ණයේ පවත්වනු ලැබූ දීප ව්‍යාප්ත විවෘත මේස පන්දු තරඟාවළියේදී අංශ තුනක ශූරතාවය හිමිකර ගන්නට සමත්කම් දැක්වූවාය. මෙම තරඟාවළිය තරඟකරුවන් 500 කගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර මහනුවර මේස පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලදී,

මෙහිදී ඉෂාරා සහභාගී වූ ඒකල, යුගල සහ මිශ‍්‍ර යුගල තරඟ කිසිදු තරඟකාරීත්වයකින් තොරවම ජයග‍්‍රහණය කරන්නට ඇය සමත් වූවාය. එරන්දි වරුසවිතාන පරාජය කරමින්  එකල තරඟයේ ජයග‍්‍රහණයද, මෞලී පීරිස් හා එක්ව තරඟ කරමින් ගුවන් හමුදාවේම රුහන්සි විජේකෝන් සහ ශ‍්‍රීමාලී විජේරත්න පරාජයට පත් කරමින් යගල තරඟයේ ජයග‍්‍රහණයද, රොහාන් සිරිසේන හා එක්ව තරඟ කරමින් ගුවන් හමුදාවේම මිලින්ද ලක්ෂිත සහ ශානිකා සිල්වා පරාජය කරමින් මිශ‍්‍ර යුගල තරඟයද ජයග‍්‍රහණය කරන්නට ඉෂාරා මධුරංගි සමත්කම් දැක්වූවාය.

එසේම ඉෂාරා මධුරංගි තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමකර ගත්තාය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි