ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර 53 වන සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර සිය 53 වන සංවත්සරය 2026 ජූලි 28 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිලේන්ද්‍ර පෙරේරා නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සංවත්සර සැමරුම් වැඩසටහන් සංවිධානය කරන ලදී.

සංවත්සර සැමරුම් වැඩසටහන් ආරම්භ වූයේ කඳවුරු පෙළපාළි චතුරශ්‍රයේ පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකිනි. අනතුරුව කඳවුරු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කඳවුරු ක්‍රීඩා පිටියේදී ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්විය.

සංවත්සර සැමරුම් වැඩසටහනට සමගාමීව, 2026 ජූලි 21 වන දින ජාතික රුධිර පාරවිලයන සේවයට සහයෝගය ලබාදීමේ අරමුණින් කඳවුරු පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඒ සඳහා කඳවුරේ සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් ස්වේච්ඡාවෙන් සහභාගී විය.
ප්‍රජා සේවයේ වගකීම හා සමාජීය මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින්, 2026 ජූලි 24 වන දින මොරවැව දකුණු සිංහල විද්‍යාල පරිශ්‍රයේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා කඳවුරු සාමාජිකයින්ගේ සක්‍රීය දායකත්වය හිමි විය.

53 වන සංවත්සර සැමරුම් වැඩසටහන් අවසන් වූයේ කඳවුරේ නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව සහභාගී වූ චාරිත්‍රානුකූල සියලු නිලයන් සඳහා වූ දිවා භෝජන සංග්‍රහයකිනි. මෙලෙස කඳවුරේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් සහ සාමාජිකයින් අතර සහෝදරත්වය හා එකමුතුකම තවදුරටත් වර්ධනය කරමින් මොරවැව ගුවන් හමුදා කඳවුර සිය 53 වන සංවත්සරය සාර්ථකව සමරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි