ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාට සමුදෙයි.
ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා 2026 ජූලි 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් පිළිගන්නා ලදී. අනතුරුව ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ලුතිනන් ජෙනරාල් රොද්‍රිගෝ මහතා වෙත ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.
ඉන් අනතුරුව පැවති හමුවේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස සේවය කළ කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ලුතිනන් ජෙනරාල් රොද්‍රිගෝ මහතා වෙත සිය ස්තූතිය පළ කරන ලදී. එමෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙපාර්ශ්වයේම හමුදා සේවාවන් අතර පවත්වාගෙන යනු ලබන සමීප හා ඵලදායී සම්බන්ධතාවය ද ඔහු අගය කරන ලදී.
ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ඉදිරි කටයුතු සඳහා සිය සුභාශිංසන එක් කළ ගුවන් හමුදාපතිතුමන් රට වෙනුවෙන් ඔහු විසින් ඉටු කළ වටිනා සේවය වෙනුවෙන් ද සිය ස්තූතිය පළ කරන ලදී.
මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර අනතුරුව මෙම සමුගැනීමේ අවස්ථාව අවසන් විය.

Guard of
honour
Farewell call
on