ගුවන් හමුදා බණ්ඩාර නායක අන්තර් ජාතික ගුවන් තොටුපල කටුනායක කදවුරේ ගුවන් හමුදාපතිතුමන්ගෙ වාර්ශික පරීක්ෂණය
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාර නායක අන්තර් ජාතික ගුවන් තොටුපල කටුනායක  කදවුරේ ගුවන් හමුදාපතිතුමන්ගෙ වාර්ශික පරීක්ෂණය 2011 නොවැම්බර් මස 18 දින එයා මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ගුවන් හමුදාධිපතිතුමන්ගෙ ප‍්‍රධානත්වයෙන් පැවැත් විණි.

මෙහිදි කදවුරු අණදෙන නිලධාරි තුමන් විසින් ගුවන් හමුදාපතිතුමන්ව උණුසුම් ලෙස පිළිගත් අතර ගුවන් හමුදාපති තුමන් විසින්් කදවුරු  මුලස්ථානය පරීක්ෂා කරන ලදි. පසුව කදවුරු සුභ සාධක වෙළදසැල හා ව්‍යායාම් ශාලාව විවෘත්ත කරන ලදි.

ගුවන් හමුදාපතිතුමන්ගෙ පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාපතිතුමන් විසින් නිළධාරීන් හා සියඵම නිළයන් අමතුහ. එහිදී දැඩි විනය හා ගුණ යහපත් සම්බන්ධතා ඇති කරගැනිමෙ වැදගත් කම පහදා දෙන ලදි. එමගින් ගුවන් හමුදාව පිළිබද හොද දර්ශනයක් අන්පාර්ශව තුල ඇතිවන බවද එතුමා විසින් මතක් කර සිටියේය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි