ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල 26 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල 2026 සැප්තැම්බර් 01 වන දින එහි 26 වන සංවත්සරය සමරන ලදී. ගුවන් හමුදාවේ පූර්ව නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කාර්යක්ෂමව වැඩ කිරීමට හැකිවන පරිදි අධිකාරී නොලත් නිලධාරීන්ගේ නායකත්ව ගුණාංග සහ කළමනාකරණ කුසලතා වර්ධනය කිරීමේ මූලික අරමුණ ඇතිව, අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල 2000 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

සංවත්සර සැමරුමට සමගාමීව 2026 අගෝස්තු 24 වන දින චීන වරාය  සමුද්‍රසන්න විවේකාරාමයේ "ශ්‍රමදාන" ව්‍යාපාරයක් සංවිධානය කරන ලද අතර 2026 අගෝස්තු 25 වන දින පාසල් කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් විසින් ස්වීට් බේ  "වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්" පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි