කටුනායක ගුවන් හමුදා කදවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂනය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය නොවැම්බර් 17 දින සිදුකරන ලදී.

කටුනායක කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ අණ දුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කඳවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

ගුවන් හමුදාව තුල විශාල වශයෙන් සැපයුම්, පරිපාලනමය, ඉංජිනේරු සේවා සහ සිවිල් ඉංජිනේරු ආදී නොයෙකුත් සේවාවන් සිදු කරන කඳවුරක් වශයෙන් කටුනායක කඳවුර හැඳින්විය හැකිය. එසේම අංක 04,05,10 සහ 12 වශයෙන් පියාසර බලඝණ 04ක් පිහිටා ඇති අතර මෙම සියලුම අංශයන් ගුවන් හමුදාපතිතුමන්ගේ පරීක්ෂනයට ලක් විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි