සහනදායී අනුපාත යටතේ විදුලි වාහන සැපයීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව Browns EV (Pvt) Ltd සහ LOLC Finance PLC සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුලි වාහන සමාගමක් වන  Browns EV (Pvt) Ltd සහ ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC Finance PLC සමඟ 2026 සැප්තැම්බර් 04 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව එහි වත්මන් සහ හිටපු සාමාජිකයින් සඳහා ගෙන ඇති සුභසාධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින්, සේවයේ නියුතු සහ විශ්‍රාමික SLAF සේවකයින්ට සහනදායී මිල ගණන් යටතේ විදුලි වාහන පරාසයක් සැපයීමට පහසුකම් සැලසීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි.

අදාළ සංවිධාන වෙනුවෙන්, Browns EV (Pvt) Ltd හි අධ්‍යක්ෂ පවිත්‍රා ජයසේකර මහත්මිය සහ LOLC ෆිනෑන්ස් PLC හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටිනි වර්ණකුල මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගිවිසුම අනුමත කළේය.

කෘෂිකර්ම හා සුභසාධන ව්‍යාපෘති අධ්‍යක්ෂ එයාර් කොමොඩෝර්  එරන්දික ගුණවර්ධන; නීති අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් කේ.ඩී.එච්.සී. කටුගම්පල; සහ සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Browns EV (Pvt) Ltd  සහ LOLC Finance PLC නියෝජනය කරමින් LOLC Finance PL හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු චමින්ද දිසානායක මහතා; බ්‍රවුන්ස් ඊ.වී (පුද්) සමාගමේ විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා; බ්‍රවුන්ස් ඊ.වී අලෙවිකරණ ප්‍රධානී තරිඳු ප්‍රේමරත්න මහතා; සහ බ්‍රවුන්ස් ඊ.වී. හි අලෙවි කළමනාකරු පසිඳු කුමාරගේ මහතා සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි