ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු පක්ෂාංගය සිය 75 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත වසර 75ක් පුරා ලබාදුන් කැපවූ සේවය සහ සුවිශේෂී දායකත්වය සිහිපත් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝව විසින් සිය 75 වන සංවත්සරය 2026 සැප්තැම්බර් 04 වන දින අභිමානවත් අයුරින් සමරන ලදී.
සංවත්සර සැමරුම් වැඩසටහන චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් ආරම්භ වූ අතර, අනතුරුව පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.එල්. රන්දෙණිය නිළධාරීතුමන් විසින් සියලු නිලයන් අමතා විශේෂ දේශනයක් පවත්වන ලදී. එහිදී පක්ෂාංගයේ උසස් ප්‍රමිතීන් සහ කීර්තිමත් නාමය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කළ සියලුම සේවයේ නියුතු සහ හිටපු සාමාජිකයින් වෙත සිය කෘතඥතාව පළ කළ අතර, ඩිපෝවේ කීර්තිමත් ඉතිහාසය පුරා එහි සාර්ථකත්වය වෙනුවෙන් කැපවී සේවය කළ සියලු දෙනා වෙත උපහාරය පිරිනමන ලදී.
75 වන සංවත්සරය සනිටුහන් කරමින් පක්ෂාංග පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්වූ අතර, සමාජ වගකීම පිළිබඳ හැඟීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජාඇල, මාකේවිට ප්‍රදේශයේ ඉසබෙලා වැඩිහිටි නිවාසය වෙත සනීපාරක්ෂක ද්‍රව්‍ය, වියළි සලාක සහ විවිධ ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී.
සියලු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සුහද වොලිබෝල් තරගයක් සමඟින් සැමරුම් වැඩසටහන තවදුරටත් අර්ථවත් වූ අතර, අධ්‍යක්ෂ ජනරාල් සැපයුම් එයාර් වයිස් මාර්ෂල් ග්ලැඩ්වින් අතපත්තු නිළධාරීතුමන්ගේ සහභාගීත්වයෙන් එම අවස්ථාව තවදුරටත් විචිත්‍රවත් විය.
අංක 01 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ අභිමානවත් උරුමය සහ වසර 75ක සේවා ඉතිහාසය සිහිපත් කරමින් පැවති මෙම සංවත්සර සැමරුම, අතීත ජයග්‍රහණයන් පිළිබඳව ආවර්ජනය කිරීමටත්, අනාගතයේදී ඩිපෝවේ අභිමානවත් සම්ප්‍රදායන් හා වගකීම් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සිය කැපවීම යළි තහවුරු කිරීමටත් වත්මන් සාමාජිකයින්ට වැදගත් අවස්ථාවක් සලසා දුන්නේය.