ගුවන් හමුදා පාලවි කඳවුරේ ගුවන් හමුදාපති පරීක්ෂණය - 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 සැප්තැම්බර් 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී. ගුවන් හමුදාපතිතුමා කඳවුර වෙත පැමිණි අවස්ථාවේදී, කඳවුරු  අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආනන්ද කුමාරසිරි මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව චාරිත්‍රානුකූල මාර්ගපෙළ ඛන්ඩ  ගෞරව සම්මාන මුරයක්ද සිදු කරන ලදී. 

පරීක්ෂණය අතරතුර පැවති ගුවන් හමුදාපතිතුමාගේ දේශනයේදී, පාලවි ගුවන් හමුදා කඳවුරේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් පහත සඳහන් සේවා සාමාජිකයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බළපංති සැරයන් සුමිත්‍රරත්න සී.පී.එස්.එච්. 
බළපංති සැරයන් රාජකරුණා ආර්.එච්.එම්.ඩී.
සැරයන් විජේරත්න ආර්.බී.එස්.ආර්. 
සැරයන් නෙත්තිකුමාර එන්.කේ.ඩී.එස්.
කෝප්‍රල් රාමනායක එච්.එම්.එස්.එන්.

තවද, ගුවන් හමුදාපතිතුමා විසින් අංක 38 රෙජිමේන්තු පක්ෂාංගය, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල (EODTS), අංක 05 ගුවන් ආරක්ෂක පක්ෂාංගය (5 ADRS) සහ මතුපිට පිරිපහදු යන්ත්‍රාගාරය (STP) ඇතුළු කඳවුරේ විවිධ අංශ නිරීක්ෂණය කරමින් පරීක්ෂා කරන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ අංශය මගින් ගුවන් යානා මතුපිට ප්‍රතිසංස්කරණය කිරීමේදී අවශ්‍ය විද්‍යුත් ආලේපන ක්‍රියාවලීන් සඳහා සහාය වීමේ අරමුණින් මතුපිට පිරිපහදු යන්ත්‍රාගාරය (STP) ස්ථාපිත කර ඇත. ගුවන් හමුදාපතිතුමා විසින් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවද නිරීක්ෂණය කරන ලදී.

පරීක්ෂණය අවසානයේදී, පාලවි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ඇතඅළු කඳවුරේ  සියලුම නිලයන්, ගුවන් හමුදාපති පරීක්ෂණයකදී අපේක්ෂා කරන උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා කඳවුර සූදානම් කිරීමට දැක්වූ කැපවීම හා උත්සාහය ගුවන් හමුදාපතිතුමාගේ ඇගයීමට ලක් විය.

එමෙන්ම, සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු කඳවුරේ සියලුම සාමාජිකයින් අමතමින් ගුවන් හමුදාපතිතුමා, ඔවුන් විසින් ඉටු කරනු ලබන සේවය, කැපවීම සහ වෙහෙස මහන්සි වී කටයුතු කිරීම අගය කළ අතර, ගුවන් හමුදාවේ මෙහෙවර සාර්ථකව ඉටු කිරීම සඳහා අඛණ්ඩව ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි