ශ්‍රී ලංකා ගුවන් හමුදාව රියදුරු වෘත්තියේ පළමු කණ්ඩායම සමඟ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය මිනිස්බල සංවර්ධන වැඩසටහන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙහෙයුම් භූමි (Ops Grd) කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලද පරිවර්තන පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ ගුවන් භටයින් 75 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2026 සැප්තැම්බර් 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පවත්වන ලදී.

සැලකිය යුතු කාලයකට පසු රියදුරු වෘත්තිය කාර්ය මණ්ඩලය සඳහා නැවත පුහුණු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූ අතර, ගුවන් හමුදාවේ පවතින රියදුරු වෘත්තිය කාර්ය මණ්ඩල හිඟය පියවීම සඳහා මෙය වැදගත් පියවරක් විය. පුහුණුව ලැබූ ගුවන් භටයින් 75 දෙනා අතරින් 52 දෙනෙකු කටුනායක ගුවන් හමුදා කඳවුරේදීත්, 23 දෙනෙකු කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදීත් පුහුණුව ලබා ඇත.

මෙම අවස්ථාව සඳහා  මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර සහ සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් චම්දිමාල් හෙට්ටිආරච්චි, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත ජයමහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උපදේශකවරුන් සහ ආරාධිතයින් සහභාගී වූහ.

ගුවන් ඉංජිනේරු, සාමාන්‍ය ඉංජිනේරු සහ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයන්ගේ සමීප සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන මඟින් ගුවන් හමුදාවේ මානව සම්පත් ප්‍රශස්ත කිරීම, වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් සූදානම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි