ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොවන නිලධාරී කළමනාකරණ පාසලේ නව අණදෙන නිලධාරීවරයකු පත් කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ යටතේ ස්ථාපිත අධිකාරී නොවන නිලධාරී කළමනාකරණ පාසලේ නව අණදෙන නිලධාරීවරයකු 2026 සැප්තැම්බර් මස 17 වන දින පත්කරන ලදී. එහි වැඩබලන අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ස්කොඩ්‍රන් ලීඩර් කේ.එල්. ධනවලවිතාන නිලධාරිතුමන් විසින් නව අණදෙන නිලධාරී ලෙස පත් වූ විංග් කමාන්ඩර් එල්.ආර්.ටී.පී.බී. සෙනෙවිරත්න නිලධාරිතුමන් වෙත සිය රාජකාරි භාර දෙන ලදී.
නව අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එල්.ආර්.ටී.පී.බී. සෙනෙවිරත්න නිලධාරිතුමන් මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ අංක 42 රෙජිමේන්තු පක්ෂාංගයෙහි අණදෙන නිලධාරී ලෙස රාජකාරි සිදු කරන ලදී.
නව අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එල්.ආර්.ටී.පී.බී. සෙනෙවිරත්න නිලධාරිතුමන් මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ අංක 42 රෙජිමේන්තු පක්ෂාංගයෙහි අණදෙන නිලධාරී ලෙස රාජකාරි සිදු කරන ලදී.