දිත්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ රංගල වත්ත පවුල් සඳහා තාවකාලික නිවාස 63ක් විවෘත කෙරේ
ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) විසින් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා මහනුවර, රංගල වත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද තාවකාලික නිවාස 63ක් නිල වශයෙන් විවෘත කිරීම 2026 සැප්තැම්බර් 17 වන දින සිදු කරන ලදී. ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියේ විවෘත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විය.
ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ.ජී. ධර්මතිලක මහතා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගනේෂ අමරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්විය.
මෙම තාවකාලික නිවාස 63 ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉදිකිරීම් ඉංජිනේරු අංශය විසින් ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. දිත්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා ආරක්ෂිත තාවකාලික නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින් කැපවීමෙන් යුතුව දායකත්වය ලබා දෙන ලදී.
ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරන ලද තාවකාලික නිවාස 63 අදාළ ප්‍රතිලාභී පවුල් වෙත නිල වශයෙන් භාරදීම සිදු කරන ලදී. ඒ අනුව, ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරමින් ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා කඩිනමින් ආරක්ෂිත නවාතැන් පහසුකම් සැලසීමට හැකි විය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති රවිඳු උස්වැටකෙයියාව මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ලක්මාල් ජයතිලක මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉදිකිරීම් ඉංජිනේරු අංශයේ ව්‍යාපෘති ඉංජිනේරු ෆ්ලයිට් ලෙෆ්ටිනන් හේෂාන් ජයසේකර මහතා, දියතලාව ආපදා කළමනාකරණ පුහුණු පාසලේ නිලධාරීන්, ඉදිකිරීම් ඉංජිනේරු අංශයේ සාමාජිකයින්, රංගල වත්ත වතු කළමනාකරණයේ නියෝජිතයින් සහ ප්‍රතිලාභී පවුල් ද මෙම අවස්ථාවට සහභාගී විය.