අංක 174-A කණ්ඩායමේ ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී සාර්ථකව අවසන් කෙරේ
අංක 174-A කණ්ඩායමේ ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාව (01/2026) හි සමාප්ති උත්සවය 2026 සැප්තැම්බර් 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගිනි නිවීමේ පාසල හා ගිනි නිවන රථ නඩත්තු බලඝණයේදී (FS&FTMS) පැවැත්විය. මෙම අවස්ථාව සඳහා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ගුවන් ගමනාගමන සේවා මාණ්ඩලික නිලධාරී, ගෲප් කැප්ටන් ඩී.ඒල්.ජේ.ආර්.කේ දොඩම්ගොඩ නිලධාරිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් බඳවාගත් ගිනි නිවීමේ භටයින්ගේ දැනුම, තාක්ෂණික කුසලතා සහ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමේ අරමුණින් මෙම පුහුණු පාඨමාලාව පවත්වන ලදී. ගිනි විද්‍යාව, ගිනි නිවීමේ මාධ්‍ය, ගිනි නිවන උපකරණ හා මෙවලම්, ශ්වසන උපකරණ, ගිනි නිවන පොම්ප, ගිනි නිවන රථ, මුදාගැනීමේ ක්‍රියාමාර්ග, ගිනි හඳුනාගැනීමේ හා ආරක්ෂණ පද්ධති, ගිනි වැළැක්වීම, ගුවන් යානා ගිනි නිවීම සහ හදිසි ප්‍රතිචාර මෙහෙයුම් ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි මෙම පාඨමාලාව යටතේ පුළුල් න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී.
පුහුණු කාලසීමාව පුරාම පාඨමාලාධාරීන් විසින් ක්‍රමානුකූල පන්තිකාමර දේශන, ප්‍රායෝගික පුහුණු සැසි සහ ක්‍රියාකාරී පරිසරයන් පිළිබඳ අවබෝධය ලබාදෙන අධ්‍යයන චාරිකා සඳහා සහභාගී වූ අතර, විවිධ පරිසරයන් තුළ සිදුකෙරෙන ගිනි නිවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳ ඔවුන්ගේ දැනුම හා අවබෝධය වර්ධනය කරගැනීමට එමඟින් අවස්ථාව සැලසිණි. මීට අමතරව, ගුවන් තොටුපළ ගිනි නිවීම, ගිනි නිවන රථවල යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය සහ ගිනි නිවීමේ සේවා පරිපාලනය සම්බන්ධ විශේෂිත පුහුණුවක්ද ලබා දෙන ලදී.
සමාප්ති උත්සවයේදී ගිනි නිවීමේ පාසල හා ගිනි නිවන රථ නඩත්තු බලඝණයේ ප්‍රධාන උපදේශකවරයා විසින් පාඨමාලා වාර්තාව ඉදිරිපත් කරමින් පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීම සහ පාඨමාලාධාරීන් විසින් අත්කරගත් සාර්ථකත්වයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ පුහුණුලාභීන් වෙත ඔවුන්ගේ කැපවීම සහ සාර්ථකත්වය අගයමින් සහතිකපත් පිරිනමන ලදී.
අංක 174-A කණ්ඩායමේ ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාවේ (01/2026) කුසලතා අනුපිළිවෙළේ ප්‍රථම ස්ථානය ගුවන් භට 53038 කොස්තා ඩබ්ලිව්.ඒ.ඒම්.ජී විසින් හිමිකරගත් අතර ඔහු පුහුණු කාලසීමාව පුරා කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදී.
මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සභාව අමතමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ඵලදායී ගිනි නිවීමේ හැකියාවක් පවත්වාගෙන යාම සඳහා වෘත්තීයභාවය, විනය සහ අඛණ්ඩ කුසලතා සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කරන ලදි.
අංක 174-A කණ්ඩායමේ ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාව (01/2026) සාර්ථකව අවසන් කිරීම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතා සඳහා ඵලදායී ලෙස දායක විය හැකි දක්ෂ, කැපවූ සහ පුහුණු ගිනි නිවීමේ භට පිරිසක් සංවර්ධනය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.