ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 33 ගොඩබිම් ගුවන් ආරක්ෂක පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරට අයත් අංක 33 ගොඩබිම් ගුවන් ආරක්ෂක පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කිරීම 2026 සැප්තැම්බර් මස 29 වන දින සිදු කරන ලදී. පක්ෂාංග පරිශ්‍රයේදී සාම්ප්‍රදායික භාරදීමේ හා භාරගැනීමේ පෙළපාලිය පැවැත්විය. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් පී.එ.ඩී.සී.එම් පට්ටිවිල නිලධාරිතුමන් සිය රාජකාරිය ස්කොඩ්‍රන් ලීඩර් එස්.ඒ.ඩී.කේ සමරවීර නිලධාරිතුමන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
නික්ම යන ස්කොඩ්‍රන් ලීඩර් පී.එ.ඩී.සී.එම් පට්ටිවිල නිලධාරිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්ෂක මාණ්ඩලික නිලධාරියෙකු ලෙස රාජකාරි භාර ගැනීමට නියමිතය.
නව අණදෙන නිලධාරී ලෙස පත්වූ ස්කොඩ්‍රන් ලීඩර් එස්.ඒ.ඩී.කේ සමරවීර නිලධාරිතුමන් අංක 33 ගොඩබිම් ගුවන් ආරක්ෂක පක්ෂාංගයේ අණදීමේ රාජකාරිය භාර ගැනීමට පෙර ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ගුවන් ආරක්ෂක IV මාණ්ඩලික නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇත.