ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් පිරිනැමේ
ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද විශිෂ්ට හා සුවිශේෂී සේවය අගයමින් පිරිනමනු ලබන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 සැප්තැම්බර් මස 30 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමන ලදී.
මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නිරත සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකු වෙත ඔවුන් විසින් ඉටු කරන ලද සුවිශේෂී හා ආදර්ශවත් සේවය අගයමින් මෙම කීර්තිමත් පදක්කම පිරිනමන ලදී. අඛණ්ඩව අවම වශයෙන් වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, විශිෂ්ට සේවා වාර්තාවක් පවත්වාගෙන ගිය නිලධාරීන් වෙත “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම පිරිනමනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් පදක්කම්ලාභීන්:
2022 වර්ෂය සඳහා
• එයාර් වයිස් මාර්ෂල් වී.පී බලසූරිය (විශ්‍රාමික)
• එයාර් වයිස් මාර්ෂල් එල්.එම්.එස්.කේ ලීලාරත්න (විශ්‍රාමික)
• එයාර් වයිස් මාර්ෂල් ටී.ඒ.ඩී.ආර් සේනානායක (විශ්‍රාමික)

2023 වර්ෂය සඳහා
• එයාර් වයිස් මාර්ෂල් ජී.ජී.ඩබ්ලිව්.ටී.කේ ගුණවර්ධන (විශ්‍රාමික)
• එයාර් වයිස් මාර්ෂල් ඒ.එස් විතාන (විශ්‍රාමික)
• එයාර් වයිස් මාර්ෂල් එම්.ජේ.ආර් පෙරේරා (විශ්‍රාමික)
• එයාර් වයිස් මාර්ෂල් එස්.එම්.එස්.පී කොස්වත්ත (විශ්‍රාමික)
2024 වර්ෂය සඳහා
• එයාර් වයිස් මාර්ෂල් පී.එන් ද කොස්තා
• එයාර් වයිස් මාර්ෂල් එස්.ඩී.ජී.එම් සිල්වා
• එයාර් වයිස් මාර්ෂල් වී.ටී.එස් සිරිමාන්න
• එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්.ආර්.ඩී.එම්.අයි වික්‍රමසිංහ
• එයාර් වයිස් මාර්ෂල් සී වික්‍රමරත්න (විශ්‍රාමික)
• එයාර් වයිස් මාර්ෂල් ඩී.බී.වී වීරසිංහ (විශ්‍රාමික)
• එයාර් වයිස් මාර්ෂල් එම්.ඩී.ඒ.ජී සෙනෙවිරත්න (විශ්‍රාමික)
• එයාර් වයිස් මාර්ෂල් කේ.අයි.එස් ද සිල්වා (විශ්‍රාමික)
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, යුද හමුදාපති සහ නාවික හමුදාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි විය.
For 2022
For 2023