13 වන ලෝක ශක්ති එසවීමේ (Strength Lifting) ශූරතාවලියේදී රන් පදක්කම සහ ලෝක වාර්තාවක් හිමිකරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දුලිත් දසනායක සැරයන් නිලයට උසස් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් කිර්ගිස්තානයේ පැවති 13 වන ලෝක ශක්ති එසවීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 95ට අඩු බර පන්තියේ ‘Hack Lift’ ඉසව්ව සඳහා තරග වැදුණු කෝප්‍රල් දුලිත් දසනායක කිලෝග්‍රෑම් 260ක බරක් එසවීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඔහු විසින් දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතාවය තුළින් ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවටද ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මහත් කීර්තියක් අත්කර දීමට සමත් විය.
ඔහුගේ සුවිශේෂී ක්‍රීඩා දක්ෂතාවය සහ ජයග්‍රහණය අගය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් විශේෂ උසස්වීමක් ලෙස කෝප්‍රල් දුලිත් දසනායක මහතා සැරයන් නිලයට උසස් කිරීමට පියවර ගන්නා ලදී.
නව සැරයන් දුලිත් දසනායක මහතා වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක්ද ගුවන් හමුදාපතිවරයා විසින් පිරිනමන ලදී.
මෙම විශේෂ ඇගයීම සහ උපහාර දැක්වීමේ උත්සවය 2026 ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය.