ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ෙග් වාර්ෂික පරීක්ෂණය
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2026 ඔක්තෝබර් 02 වනදින ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී. කඳවුර වෙත පැමිණි ගුවන් හමුදාපතිවරයාව කඳවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් නිරූප වනසිංහ නිලධාරිතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
කඳවුරු අණදෙන නිලධාරිතුමන්ගේ අණදීම යටතේ පැවති අණදෙන නිලධාරි පරීක්ෂණ පෙළපාලිය ගුවන් හමුදාපතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම පෙළපාලිය අතරතුර වීරවිල ගුවන් හමුදා කඳවුර වෙත දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින් පහත සඳහන් නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත ඇගයීම් සහතික පිරිනමන ලදී.
බලලත් නිලධාරි එච්.ජී.ඒස් කුමාර – ජල සැපයුම් තාක්ෂණික විශේෂඥ (I)
බලපංති සැරයන් හේමසිරි එස් .කේ.පී.එම් – කනිෂ්ඨ අධීක්ෂක (I)
කෝප්‍රල් සංජීව කුමාර ඩබ්ලිව්.ඩී – මෙහෙයුම් භූමි (III)
සිවිල් සේවක පී.එම් කමලසිරි – කාර්ය සහායක (I)
මෙම පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමන් කඳවුරේ ප්‍රධාන පහසුකම් සහ මෙහෙයුම් අංශ නිරීක්ෂණය කරන ලදී. ඒ අතරට කඳවුරු මූලස්ථානය, 41 වන රෙජිමේන්තු පක්ෂාංගය, 63 වන බුද්ධි අංශය, 03 වන ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය, ක්‍රීඩා අංශය, ප්‍රධාන ආරක්ෂක මැදිරිය, වෛද්‍ය පරීක්ෂණ කාමරය, ගුවන් භට සහ ගුවන් කාන්තා නිවස්න, සුබසාධක වෙළඳසැල් සංකීර්ණය, මෝටර් රථ ප්‍රවාහන අංශය, 'ඊගල්ස් කැෆේ' (Eagle’s Café), සමාජ ශාලා සහ VVIP විවේකාගාරය ඇතුළත් විය.
ගුවන් හමුදාපතිතුමන් කඳවුරේ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවකයින් ඇමතූ අතර කඳවුරේ මෙහෙයුම් සූදානම සහ උසස් ප්‍රමිතීන් පවත්වාගෙන යාම වෙනුවෙන් කඳවුරු අණදෙන නිලධාරිවරයා සහ ඔහුගේ කණ්ඩායම දැක්වූ නොසැලෙන කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව සිය අවංක ප්‍රශංසාව පළ කරන ලදී.