ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මත්තල කඳවුර නිල වශයෙන් විවෘත කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මත්තල කඳවුර 2026 ඔක්තෝබර් මස 02 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී.

මත්තල ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ගුවන් හමුදාපතිතුමන් එහි ආරම්භක අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කැලුම් විමලරත්න නිලධාරිතුමන්  විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව ගුවන් හමුදා සාමාජිකයින් විසින් ගෞරවාචාර පෙළපාලියක් පිරිනමන ලදී.

මෙම සංචාරය අතරතුරදී නව ගුවන් හමුදා කඳවුරක් ස්ථාපිත කිරීම සඳහා හඳුනාගෙන ඇති භූමි ප්‍රදේශය වෙත ගුවන් හමුදාපතිතුමන්ගේ අවධානය යොමු වූ අතර ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රදේශය පිළිබඳවද නිරීක්ෂණය කරන ලදී.

එහිදී ගුවන් හමුදා සාමාජිකයින් අමතමින් ගුවන් හමුදාපතිතුමන් විනය, වෘත්තීයභාවය සහ ඉහළ සේවා ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා ඔවුන් දක්වන කැපවීම හා අඛණ්ඩ උනන්දුව අගය කරන ලදී. එවැනි කැපවීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිනාමය තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම රටේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා ද වැදගත් දායකත්වයක් සපයන බවද ගුවන් හමුදාපතිතුමන් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි