කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2026 ඔක්තෝබර් මස 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.
මෙම නිල හමුවේදී දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර විශේෂයෙන් පුහුණු හා අධ්‍යාපනික කටයුතු පිළිබඳව අවධානය යොමු කරන ලදී. එම සුහද හමුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර දැනට පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහාද වැදගත් අවස්ථාවක් විය.
මෙම හමුවේ සුවිශේෂීත්වය සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.