ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලිය පැවැත්විය
අංක 175 නිත්‍ය ගුවන් භට, අංක 43 ඉදුරාම බඳවා ගැනීම් ස්වේච්ඡා ගුවන් භට සහ අංක 137 ස්වේච්ඡා ගුවන් භට ආධුනික පාඨමාලා හැදෑරූ ආධුනික ගුවන් භටයින්ගේ විසිරයාමේ පෙළපාලිය 2026 ඔක්තෝබර් මස 05 වන දින දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විය. මෙම විසිරයාමේ පෙළපාලියේ අණදීම ප්‍රධාන ආධුනික පුහුණු උපදේශක ස්කොඩ්‍රන් ලීඩර් නුවන් වික්‍රමසිංහ නිලධාරිතුමන් විසින් සිදු කරන ලදී.
ගුවන් හමුදා ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ලලිත් සුගතදාස මහතා ඇතුළු ආරාධිත අමුත්තන්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන්හි සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මූලික සටන් පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ ගුවන් භටයින් 467 දෙනෙකු මෙම විසිරයාමේ පෙළපාලියේදී සිය පුහුණුව සාර්ථකව අවසන් කර විසිර යන ලදී. අභිනවයෙන් විසිර ගිය ගුවන් භටයින් අමතමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ඔවුන්ගේ පුහුණුව සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කිරීම තුළින් හිමිවන ගෞරවය මෙන්ම ඒ හා බැඳුණු වගකීම පිළිබඳවද අවධාරණය කරන ලදී. මව්බිමට සේවය කිරීමේදී කැපවීම, විනය සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
මෙම උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ විචිත්‍රවත් සංගීතමය ඉදිරිපත් කිරීමකින් වර්ණවත් වූ අතර අනතුරුව අංක 43 වර්ණ පක්ෂාංගය විසින් ඉදිරිපත් කළ ආකර්ෂණීය සරඹ සංදර්ශනයක් සහ පුහුණු උපදේශකවරුන් හා උසස් පුහුණුව ලබන ආධුනිකයින් විසින් ඉදිරිපත් කළ නිරායුධ සටන් සංදර්ශනයක්ද පැවැත්විණි. මෙම සංදර්ශන ආධුනික ගුවන් භටයින්ගේ අභිමානවත් පවුලේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිතවතුන් විසින් නරඹන ලදී.
සම්මානලාභීන්
හොඳම ශාරීරික යෝග්‍යතාවය: ගුවන් භට ප්‍රියංකර ඩී.එම්.ඩී.පී.
හොඳම වෙඩික්කරු : ගුවන් භට අමරසේකර එම්.සී.ටී.
හොඳම පෙළපාලි අභ්‍යාස: ගුවන් භට සඳකැළුම් ඒ.ඒ.ජී.
හොඳම මැරතන් ධාවකයා: ගුවන් භට සජීවන් වයි.
හොඳම අධ්‍යයන දක්ෂතා: ගුවන් භට මධුෂාන් බී.ඒ.එල්.
හොඳම සමස්ත දක්ෂතා: ගුවන් භට ප්‍රියංකර ඩී.එම්.ඩී.පී.
හොඳම බලඝණය: පිළිවෙලින් පයිලට් ඔෆිසර් ඩබ්ලිව්.කේ.එස් සිල්වා සහ පයිලට් ඔෆිසර් ආර්.ඒ.ජී.එච්.එල්.එස් සෝමසිරි යන නිලධාරිවරුන්ගේ නායකත්වයෙන් යුත් තෙවන සහ සිව්වන බලඝණ විසින් 'හොඳම බලඝණය' සඳහා වන ශූරතාව ඒකාබද්ධව දිනා ගන්නා ලදී. ශූරතා කුසලානය ෆ්ලයිට් සැරයන් තිලක් ආර්.පී.යූ සහ සැරයන් දිසානායක ඩී.එම්.පී.පී යන අය විසින් ඒකාබද්ධව ලබා ගන්නා ලදී.