අනුස්මරණ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමන් වෙත පොපි මලක් පැළඳවීම
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනුස්මරණ දින සැමරුම්වලට සමගාමීව  ශ්‍රී ලංකා විශ්‍රාමික සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සංගමයේ (SLESA) පොපි කමිටු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා විසින් 2026 ඔක්තෝබර් 07 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා වෙත නිල වශයෙන් පොපි මලක් පැළඳවන ලදී.

වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන මෙම පොපි මල් ව්‍යාපාරය, රාජකාරියේ යෙදී සිටියදී උත්තරීතර කැපකිරීම සිදු කළ සන්නද්ධ හමුදාවල දිවි පිදූ වීරයන් සහ ප්‍රවීණ සෙබළුන් වෙත ගෞරව දැක්වීමක් ලෙස සිදු කරනු ලබයි. පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික, තුවාල ලැබූ සහ ආබාධිත රණවිරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය, සෞඛ්‍ය සේවා සහ මූල්‍ය ආධාර කටයුතු සඳහා යොදවනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සංගමයේ (SLAFA) සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා මහතා, පොපි කමිටුවේ විධායක සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි