2026 රුසියානු ආරක්ෂක අමාත්ය කුසලාන සිව්වන ජාත්යන්තර හමුදා මල්ලවපොර තරගාවලියේදී ශ්රී ලංකා සන්නද්ධ හමුදාවන්ගෙන් විශිෂ්ට දස්කම්
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්ය කුසලානය සඳහා පැවති 2026 සිව්වන ජාත්යන්තර හමුදා මල්ලවපොර තරගාවලිය රටවල් 14ක ප්රමුඛ පෙළේ මල්ලවපොර ක්රීඩකයින්ගේ සහභාගීත්වයෙන් රුසියාවේ ටුවා ජනරජයේ කිසිල් නගරයේ පිහිටි සුබෙඩෙයි ක්රීඩා සංකීර්ණයේදී සාර්ථකව නිමාවට පත්විය.
එක්සත් ලෝක මල්ලවපොර සම්මේලනයේ (United World Wrestling - UWW) නීතිරීතිවලට අනුකූලව පැවති මෙම තරගාවලියේදී නිදහස් ආර (Freestyle) සහ ග්රීක-රෝම (Greco-Roman) මල්ලවපොර අංශ යටතේ පදක්කම් ඉසව් 12ක් සඳහා ක්රීඩකයින් 121 දෙනෙකු දින දෙකක් පුරා තරග කරන ලදී.
මෙම තරගාවලිය සඳහා රුසියාව, ඉරානය, ජෝර්දානය, ලෙබනනය, ඇල්ජීරියාව, ටියුනීසියාව, බ්රසීලය, උතුරු කොරියාව, බෙලරුසියාව, ශ්රී ලංකාව, සිරියාව, ආර්මේනියාව, නයිජර් සහ මොංගෝලියාව යන රටවල් නියෝජනය කරමින් ක්රීඩකයින් සහභාගී විය. පසුගිය වසරේ කණ්ඩායම් ශ්රේණිගත කිරීම්වල කිසිදු වෙනසක් සිදු නොවූ අතර මෙවර ද රුසියාව ප්රථම ස්ථානයත්, ඉරාන ඉස්ලාමීය ජනරජය දෙවන ස්ථානයත්, බෙලරුස් ජනරජය තෙවන ස්ථානයත් හිමිකර ගැනීමට සමත් විය.
ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භටයින් තිදෙනෙකු සහ ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළෙකු ඇතුළත් සිව්දෙනෙකුගෙන් සමන්විත ක්රීඩා කණ්ඩායමක් සහභාගී විය. ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධානියා සහ ගුවන් හමුදා මල්ලවපොර ක්රීඩා ලේකම් ලෙස කටයුතු කරන විංග් කමාන්ඩර් විරාජ් ගමගේ නිලධාරීතුමන්ගේ නායකත්වය යටතේ මෙම කණ්ඩායම තරගාවලියට සහභාගී විය.
ශ්රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ක්රීඩකයින් පහත පරිදි වේ.
01. නායක ගුවන් භට කේ.බී.ආර්. කල්යාණ – කිලෝග්රෑම් 125 බර පන්තිය
02. නායක ගුවන් භට ඩබ්ලිව්.එස්.එන්. වල්පිට – කිලෝග්රෑම් 97 බර පන්තිය
03. නායක ගුවන් භට එන්.එන්. සමරක්කොඩි – කිලෝග්රෑම් 65 බර පන්තිය
04. ලාන්ස් කෝප්රල් එච්.පී.ඩී.පී. පුෂ්පකුමාර (ශ්රී ලංකා යුද්ධ හමුදාව) – කිලෝග්රෑම් 57 බර පන්තිය
ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම්ලාභීන් මෙන්ම රුසියාවේ මධ්යම යුද්ධ හමුදා ක්රීඩා සමාජය (CSKA) නියෝජනය කරන ප්රබල මල්ලවපොර ක්රීඩකයින් ද සහභාගී වූ මෙම තරගාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කළ ක්රීඩකයින් සිව්දෙනාම විශිෂ්ට අධිෂ්ඨානයක්, දරාගැනීමේ හැකියාවක් සහ තරගකාරී ක්රීඩාශීලීත්වයක් ප්රදර්ශනය කරමින් තම තමන් තරග කළ බර පන්තිවල සිව්වන ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.
ලොව ප්රමුඛ පෙළේ මල්ලවපොර ක්රීඩා රටවල් නියෝජනය කළ දක්ෂ ක්රීඩකයින් සමඟ තරග කරමින් ශ්රී ලංකා සන්නද්ධ හමුදා මල්ලවපොර කණ්ඩායම අත්කරගත් මෙම දක්ෂතාව සුවිශේෂී ජයග්රහණයක් ලෙස සැලකිය හැකිය. මෙම ජයග්රහණය ශ්රී ලංකා සන්නද්ධ හමුදාවන් තුළ මල්ලවපොර ක්රීඩාවේ වර්ධනය වන ප්රමිතිය මෙන්ම ජාත්යන්තර තලයේ ඉහළම මට්ටමේ තරග සඳහා සහභාගී වීමට ශ්රී ලාංකික හමුදා ක්රීඩකයින් දක්වන කැපවීම සහ උනන්දුව මැනවින් පිළිබිඹු කරන ලදී.