ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය
ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය 2026 ඔක්තෝබර් මස 09 වන දින සිදු කරන ලදී.
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල වෙත පැමිණි ගුවන් හමුදාපතිතුමන් එහි අණදෙන නිලධාරී මෙන්ම ගුවන් හමුදා වෘත්තීය පුහුණු අධ්යක්ෂ ලෙස ද කටයුතු කරන එයාර් කොමඩෝර් කෝලිත අබේසිංහ නිලධාරීතුමන් විසින් පිළිගන්නා ලදී. අනතුරුව ගුවන් හමුදාපතිතුමන් වෙත මාර්ගඛණ්ඩ පෙළපාලියක් මඟින් සම්මාන පිරිනමන ලදී.
මෙම පරීක්ෂණයට සමගාමීව ශ්රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ඉටු කරන ලද විශිෂ්ට සේවය සහ කැපවීම අගයමින් පහත සඳහන් සේවා පුද්ගලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ගුවන් හමුදාපතිතුමන් විසින් ප්රශංසා සහතික පිරිනමන ලදී.
1. බලලත් නිලධාරී ඩබ්ලිව්.එස්. පෙරේරා – භූමි සේවා අධීක්ෂක විශේෂඥ (Sp)
2. බලලත් නිලධාරී ජේ.කේ.ටී. ධම්මික – දැව කාර්මික ශිල්පී (III)
3. බලපංති සැරයන් මධුශංක ඩබ්ලිව්.ඒ.ඩී.ඒ. – පරිගණක කාර්මික ශිල්පී (Sp)
4. බලපංති සැරයන් වීරසූරිය ඩබ්ලිව්.එම්.ටී.ටී.බී. – පරිගණක කාර්මික ශිල්පී (Sp)
5. බලපංති සැරයන් ලක්මාල් ඒ.පී.එන්. – පරිගණක කාර්මික ශිල්පී (I)
6. කෝප්රල් උදයකාන්ත බී.ඒ.එස්.පී. – පරිගණක කාර්මික ශිල්පී (I)
7. කෝප්රල් බණ්ඩාර ඩබ්ලිව්.ඒ.එන්.ආර්. – පරිගණක කාර්මික ශිල්පී (I)
8. කෝප්රල් පනාවල පී.ඒ.එස්.එම්. – භූමි මෙහෙයුම් (III)
9. සිවිල් සේවක ආර්.එස්.ඩී. ජයසිංහ මහතා – කාර්ය සහායක (II)
10. සිවිල් සේවක කේ.පී.එස්.පී. පතිරණගේ මහතා – කාර්ය සහායක (II)
අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ මූලස්ථානය, අංක 40 රෙජිමේන්තු පක්ෂාංගය (ආරක්ෂක කටයුතු පිළිබඳ දැනුවත් කිරීම), සුබසාධන සංකීර්ණය, මුද්රණ හා නිෂ්පාදන බලඝණය, වෘත්තීය පුහුණු පක්ෂාංගය, සංඥා අංශය, අවි ගබඩාව, භාෂා පුහුණු මධ්යස්ථානය, මෝටර් රථ ප්රවාහන අංශය, ප්රධාන ආරක්ෂක අංශය, අංක 02 මූලික තාක්ෂණික පුහුණු පක්ෂාංගය, රෝහල් සංකීර්ණය, උපකරණ අංශය, ප්රධාන බඳවා ගැනීමේ කාර්යාලය සහ හොකී හා පාපන්දු ක්රීඩාංගණවල ඇඳුම් මාරු කිරීමේ කාමර සංකීර්ණය ඇතුළු අංශ රැසක් නිරීක්ෂණය කරන ලදී.
මුද්රණ හා නිෂ්පාදන බලඝණය, ගුවන් භට හා ගුවන් කාන්තා සමාජ ශාලාව, කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව, ගුවන් භට හා ගුවන් කාන්තා භෝජනාගාරය සහ බලලත් නිලධාරීන්ගේ හා ජ්යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන්ගේ භෝජනාගාරය ද ගුවන් හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.
මෙම සංචාරය අතරතුර ආදර්ශ ගුවන් යානා අංගණයේදී පුහුණුලාභීන් විසින් ඉදිරිපත් කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ද ගුවන් හමුදාපතිතුමන් සහභාගී වූ අතර එහිදී රුක් රෝපණ වැඩසටහනකට ද එක් විය.
අනතුරුව පුහුණුලාභීන් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු සියලු නිලයන් අමතමින් ගුවන් හමුදාපතිතුමන් සඳහන් කළේ ශ්රී ලංකා ගුවන් හමුදාවේ අනාගත අවශ්යතා සපුරාලීම සඳහා වෘත්තීය නිපුණතාවයෙන් යුත් දක්ෂ ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් බිහි කිරීමේදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවයි. එහිදී එම පුහුණු පාසලේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව ද ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කරන ලදී.
ගුවන් හමුදාව අපේක්ෂා කරන ප්රමිතීන්ට අනුකූලව පුහුණු පාසල පවත්වාගෙන යාම සඳහා අණදෙන නිලධාරීතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය දක්වන කැපවීම සහ උත්සාහය ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමට ලක් විය.
අවසානයේ ගුවන් හමුදාපතිතුමන් ගුවන් භට හා ගුවන් කාන්තා භෝජනාගාරයේදී දිවා භෝජන සංග්රහයට සහභාගී විය. නිලධාරී නිවස්නයේ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තැබීමෙන් අනතුරුව මෙම පරීක්ෂණ නිමාවට පත් විය.