ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ 37 වන සාමාන්ය උපාධි ප්රදානෝත්සවය BMICH හිදී පැවැත්වේ
ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ (KDU) 37 වන සාමාන්ය උපාධි ප්රදානෝත්සවය ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් 2026 ඔක්තෝබර් මස 09 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්විය.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක නියෝජ්ය අමාත්යතුමන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ කුලපති විශ්රාමික එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්රමසිංහ මහතා විසින් පිළිගන්නා ලදී. ආරක්ෂක ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
මෙවර උපාධි ප්රදානෝත්සවයේදී උපාධි අපේක්ෂකයින් 1,728 දෙනෙකු වෙත උපාධි සහ පශ්චාත් උපාධි සුදුසුකම් පිරිනමන ලදී. එය ඔවුන්ගේ අධ්යාපනික හා වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. එහිදී 38, 39 සහ 40 වන බඳවා ගැනීම්වලට අයත් අධ්යයන කටයුතුවලදී විශිෂ්ට දක්ෂතා සහ ජයග්රහණ අත්කරගත් උපාධිධාරීන් වෙත ප්රධාන ආරාධිත අමුත්තා විසින් කුසලාන සහ රන් පදක්කම් පිරිනමන ලදී.
මෙම උපාධි ප්රදානෝත්සවය ශ්රී ලංකා ගුවන් හමුදාවට ද සුවිශේෂී අවස්ථාවක් වූ අතර ගුවන් හමුදා නිලධාරීන් සහ නිලධාරිනියන් 56 දෙනෙකු විවිධ විෂය ක්ෂේත්රයන් යටතේ ප්රථම උපාධි හිමිකර ගැනීමට සමත් වීය. ඒ අතර 66 සහ 67 වන නිලධාරී ආධුනික බඳවා ගැනීම්වලට සහ 18 සහ 20 වන කාන්තා නිලධාරී ආධුනික බඳවා ගැනීම්වලට අයත් නිලධාරීන් 39 දෙනෙකු සහ නිලධාරිනියන් 17 දෙනෙකු ඇතුළත් විය. ඔවුන් වෛද්ය, ඉංජිනේරු, නීති, කළමනාකරණ, අධ්යාපන සහ ඒ ආශ්රිත විෂය ක්ෂේත්රයන්හි ප්රථම උපාධි සුදුසුකම් හිමිකර ගන්නා ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 45 දෙනෙකු පශ්චාත් උපාධි සුදුසුකම් හිමිකර ගැනීමට සමත් විය. ඒ අතර ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්යයනය, ආරක්ෂක හා උපායමාර්ගික අධ්යයනය, සැපයුම් කළමනාකරණය සහ උපායමාර්ගික අධ්යයනය හා ජාත්යන්තර සබඳතා යන විෂය ක්ෂේත්රයන්හි ශාස්ත්රපති උපාධි මෙන්ම ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ව්යාපාර පරිපාලන ශාස්ත්රපති උපාධි (MBA) සහ දර්ශනපති උපාධි (MPhil) ද ඇතුළත් විය. මෙම ජයග්රහණ ගුවන් හමුදා නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, උපායමාර්ගික චින්තනය සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාව දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු කරයි.
උපාධිධාරීන් අමතමින් ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ජාතික ආරක්ෂාව යන සංකල්පය සාම්ප්රදායික ආරක්ෂක ක්ෂේත්රයෙන් ඔබ්බට විකාශනය වෙමින් පවතින බවයි. ඒ අනුව ආර්ථික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, බලශක්ති ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, සෞඛ්ය ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂාව යන ක්ෂේත්ර ද වර්තමානයේ ජාතික ආරක්ෂාවට අයත් වන බව එතුමන් අවධාරණය කරන ලදී. එමෙන්ම හමුදා වෘත්තීය නිපුණතාව, අධ්යයන විශිෂ්ටත්වය, තාක්ෂණික නවෝත්පාදනය සහ රාජ්ය සේවය ඒකාබද්ධ කිරීමේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව ද එතුමන් මෙහිදී අදහස් දැක්වීය.
2026 ඔක්තෝබර් මස 09 වන දින පැවති දෙවන දින උපාධි ප්රදාන සැසිය සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්, අනෙකුත් අමාත්යාංශවල ලේකම්වරුන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ කුලපති විශ්රාමික එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා, උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්රමසිංහ මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහභාගී විය.