ශ්රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය
ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් මීරිගම ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය 2026 ඔක්තෝබර් මස 12 වන දින සිදු කරන ලදී. එහිදී ගුවන් හමුදාපතිතුමන් මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත සෙනවිරත්න නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
මෙම පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමන් කඳවුරු මූලස්ථානය, ගුවන් ආරක්ෂක අණ හා පාලන මධ්යස්ථානය, නිලධාරී නිවස්නය ඇතුළු කඳවුරේ ප්රධාන අංශ කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. එහිදී කඳවුරේ මෙහෙයුම් සූදානම, පරිපාලන කාර්යක්ෂමතාව සහ සමස්ත කඳවුර තුළ පවත්වාගෙන යනු ලබන ප්රමිතීන් පිළිබඳව ඇගයීමට ලක් කරන ලදී.
වාර්ෂික පරීක්ෂණයට සමගාමීව කඳවුරේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්යාපෘති සහ වැඩිදියුණු කිරීම් කිහිපයක් ද සම්පූර්ණ කර තිබිණි. ඒ අතර බලලත් නිලධාරීන්ගේ සහ ජ්යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන්ගේ නිවස්නය සඳහා පෙර සැකසූ ගොඩනැගිල්ලක් ඉදිකිරීම මෙන්ම මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් භට නිවාඩු නිකේතනයේ මත්ස්ය චිකිත්සා පහසුකමක් ස්ථාපිත කිරීම ද විශේෂත්වයක් විය.
මෙම පරීක්ෂණය අතරතුර සිය රාජකාරි කටයුතු ඉටු කිරීමේදී දැක්වූ විශිෂ්ට සේවය සහ කැපවීම අගයමින්
කෝප්රල් කරුණාතිලක එච්.ඩී.එස්.එස් (මෙහෙයුම් භූමි III)
නායක ගුවන් භට ජයසිංහ ජේ.ඒ.එස්.එම් (මෙහෙයුම් භූමි I)
යන ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනා වෙත ගුවන් හමුදාධිපතිතුමන් විසින් ප්රශංසා සහතික පත් ප්රදානය කරන ලදී.
අනතුරුව කඳවුරේ සියලුම සේවා පුද්ගලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතමින් ගුවන් හමුදාපතිතුමන් ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ ප්රධාන මෙහෙයුම් හා පාලන මධ්යස්ථානය ලෙස මීරිගම ගුවන් ආරක්ෂක අණ හා පාලන මධ්යස්ථානය ඉටු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය සහ එහි උපායමාර්ගික වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී ඇති වගකීම් සාර්ථකව ඉටු කිරීම සඳහා උසස් වෘත්තීය ප්රමිතීන් පවත්වාගෙන යාම, රාජකාරි කටයුතු සඳහා කැපවීමෙන් කටයුතු කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යාමේ වැදගත්කම ද ගුවන් හමුදාපතිතුමන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
වාර්ෂික පරීක්ෂණය අවසානයේදී මීරිගම ගුවන් හමුදා කඳවුරෙන් අපේක්ෂිත උසස් ප්රමිතීන් පවත්වාගෙන යාම සඳහා කඳවුරේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය විසින් දක්වන ලද කැපවීම, වගකීම් සහගතභාවය සහ සාමූහික ප්රයත්නයන් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමට ලක් විය.