ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 හෙලිකොප්ටර් පියාසර ඒකකයේ නව අණදෙන නිලධාරීවරයකු පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 හෙලිකොප්ටර් පියාසර ඒකකයේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ විංග් කමාන්ඩර් අයි.එස්.බී. තිබ්බොටුමුණුව නිලධාරිතුමන් විසින් 2026 ඔක්තෝබර් මස 05 වන දින නව අණදෙන නිලධාරී රාජකාරිය විංග් කමාන්ඩර් එම්.ඩබ්ලිව්.එන්. ද සිල්වා නිලධාරිතුමන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

අණදෙන නිලධාරි ධුරයේ රාජකාරි භාරදීමේ සහ භාරගැනීමේ උත්සවය එම ඒකක පරිශ්‍රයේදී ඒකකයේ සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ධුරයෙන් නික්ම ගිය විංග් කමාන්ඩර් අයි.එස්.බී. තිබ්බොටුමුණුව නිලධාරිතුමන් හිඟුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරි ලෙස රාජකාරි භාරගැනීමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි