2026 - ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං කණ්ඩායමෙන් විශිෂ්ට දස්කම්
ශ්‍රී ලංකා බොක්සිං සංගමය (BASL) විසින් සංවිධානය කරන ලද 2026 - ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය 2026 ඔක්තෝබර් මස 13 වන දින සිට 16 වන දින දක්වා දියගම පිහිටි ශ්‍රී ලංකා බොක්සිං සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්විය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකු සහභාගී විය. එහිදී රන් පදක්කම් 07ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගනිමින් ගුවන් හමුදා බොක්සිං කණ්ඩායම විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් විය.

මෙම තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස ගුවන් කාන්තා මල්ෂානි එල්.අයි.එන්. සම්මානයට පාත්‍ර විය.

තරග ප්‍රතිඵල

පිරිමි අංශය

රන් පදක්කම්ලාභීන්

•    කිලෝග්‍රෑම් 70ට අඩු ලයිට් මිඩ්ල්වේට් බර පන්තිය – කෝප්‍රල් උදයකුමාර අයි.පී.ඩී.සී.
•    කිලෝග්‍රෑම් 80ට අඩු ලයිට් හෙවිවේට් බර පන්තිය – සැරයන් අබේරත්න ඩබ්ලිව්.ඒ.එම්.
    
රිදී පදක්කම්ලාභීන්

•    කිලෝග්‍රෑම් 75ට අඩු මිඩ්ල්වේට් බර පන්තිය – කෝප්‍රල් කුමාර එච්.ඒ.ඩබ්ලිව්.කේ.
•    කිලෝග්‍රෑම් 85ට අඩු කෲසර්වේට් බර පන්තිය – කෝප්‍රල් ද සිල්වා ජී.ඩබ්ලිව්.සී.
•    කිලෝග්‍රෑම් 90ට වැඩි සුපර් හෙවිවේට් බර පන්තිය – සැරයන් මීගස්තැන්න එම්.ඩබ්ලිව්.එම්.එම්.
    
ලෝකඩ පදක්කම්ලාභීන්

•    කිලෝග්‍රෑම් 55ට අඩු බැන්ටම්වේට් බර පන්තිය – ගුවන් භට රත්නායක ආර්.එම්.වී.එම්.
    
කාන්තා අංශය

රන් පදක්කම්ලාභීන්

•    කිලෝග්‍රෑම් 54ට අඩු බැන්ටම්වේට් බර පන්තිය – ගුවන් කාන්තා මල්ෂානි එල්.අයි.එන්.
•    කිලෝග්‍රෑම් 60ට අඩු ලයිට්වේට් බර පන්තිය – ගුවන් කාන්තා කුරේ එම්.පී.එස්.එස්.
•    කිලෝග්‍රෑම් 65ට අඩු වෙල්ටර්වේට් බර පන්තිය – සැරයන් තිවංකා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.කේ.
•    කිලෝග්‍රෑම් 70ට අඩු ලයිට් මිඩ්ල්වේට් බර පන්තිය – ගුවන් කාන්තා ස්ටීවන් පී.එම්.
•    කිලෝග්‍රෑම් 75ට අඩු මිඩ්ල්වේට් බර පන්තිය – ගුවන් කාන්තා කළුආරච්චි කේ.ඒ.ජී.එන්.
    
රිදී පදක්කම්ලාභීන්

•    කිලෝග්‍රෑම් 48ට අඩු ලයිට් ෆ්ලයිවේට් බර පන්තිය – ගුවන් කාන්තා ප්‍රේමසිරි ඒ.ජී.ජී.එච්.ඩී.
•    කිලෝග්‍රෑම් 57ට අඩු ෆෙදර්වේට් බර පන්තිය – ගුවන් කාන්තා කීර්තනා යූ.
    
ලෝකඩ පදක්කම්ලාභීන්

•    කිලෝග්‍රෑම් 51ට අඩු ෆ්ලයිවේට් බර පන්තිය – ගුවන් කාන්තා පෙරේරා කේ.කේ.අයි.ටී.
•    කිලෝග්‍රෑම් 80ට අඩු ලයිට් හෙවිවේට් බර පන්තිය – ගුවන් කාන්තා තරුෂිකා එන්.එන්.
•    කිලෝග්‍රෑම් 60ට අඩු ලයිට්වේට් බර පන්තිය – ගුවන් කාන්තා ලක්ෂානි ආර්.පී.එම්.අයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි