ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් ජාතික ආරක්ෂක විද්‍යාලයේදී විශේෂ දේශනයක් පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 නොවැම්බර් මස 03 වන දින ජාතික ආරක්ෂක විද්‍යාලයේ අංක 05 පාඨමාලාව හදාරන ත්‍රිවිධ හමුදා, පොලිස් සහ විදේශීය නිලධාරීන් වෙනුවෙන් විශේෂ ආරාධිත දේශනයක් පවත්වන ලදී. එහිදී 'ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය' යන තේමාව යටතේ දේශනය පැවැත්විය.

ගුවන් හමුදාධිපතිතුමන් ජාතික ආරක්ෂක විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදී එහි සේනාවිධායක මේජර් ජෙනරාල් චමිල මුණසිංහ මහතා, ජාතික ආරක්ෂක විද්‍යාලයේ ලේකම් බ්‍රිගේඩියර් රසික ගුණසේන මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක එයාර් කොමඩෝර් සමන්ත වීරසේකර මහතා විසින් පිළිගන්නා ලදී.

අනතුරුව, ජාතික ආරක්ෂක විද්‍යාලයේ ලේකම් බ්‍රිගේඩියර් රසික ගුණසේන මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිබඳ හැඳින්වීමක් සිදු කිරීමෙන් අනතුරුව දේශනය පැවැත්වීම සඳහා අවස්ථාව සලසා දෙන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දේශනය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් සහ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් විද්‍යාලයේ අමුත්තන්ගේ සමරු පොතෙහි සිය සුබ පැතුම් සටහනක් තැබීමෙන් අනතුරුව පාඨමාලාව හදාරන නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි