අන්තර් ඒකක අත්පන්දු තරඟාවළියේ පිරිමි ශූරතාවය චීන වරායට කාන්තා ශූරතාවය කටුනායකට
පසුගිය දෙසැම්බර් මස 02 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවති අන්තර් ඒකක අත්පන්දු තරඟාවලියේ පිරිමි අංශයේ ජය චීන වරාය ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගනු ලැබීය. එහි කාන්තා අංශයේ ජයග‍්‍රහණය කටුනායක කඳවුරු ඛාන්තා කණ්ඩායම විසින් ජයග‍්‍රහණය කරන ලදී.

ජාතික තරුණ සේවා සම්මේලනයේ සභාපති සහ අධ්‍යක්‍ෂක ජෙනරාල් ලලිත් පියම් පෙරේරා මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ. පතිරගේ, කටනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී.ආර්. ගුරුසිංහ යන මහත්වරුන් ඇතුළු ගුවන් හමුදා උසස් නිළධාරීහු රැුසක් සහ තවත් බොහෝ පිරිසක් සහභාගී වූහ.

තරඟාවළියේ ප‍්‍රථිඵල සටහන පහත දැක්වෙයි...

පිරිමි අංශය
ශූරතාවය -  ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය
අනු ශූරතාවය - ගුවන් හමුදා කඳවුර දියතලාව
දක්‍ෂතම පිරිනමන්නා - 017318 නා ගු භ ගුණතිලක බී.එම්.ඒ.පී.
දක්‍ෂතම ප‍්‍රහාරකයා - ටී එ් 29460 ගුවන් භට මදුසංක කේ.ඒ.ආර්.
දක්‍ෂතම ක‍්‍රීඩකයා - 41043 ගුවන් භට දසනායක ඞී.එම්.ටී.එස්.

කාන්තා අංශය
දක්‍ෂතම පිරිනමන්නිය - ගුවන් කාන්තා 1640 කෝප‍්‍රල් රණසිංහ පී.ආර්.ඒ.ජී.
දක්‍ෂතම ප‍්‍රහාරිකාව - ගුවන් කාන්තා 2314 කෝප‍්‍රල් ගුරුගේ පී.එන්.
දක්‍ෂතම ක‍්‍රීඩිකාව - ගුවන් කාන්තා 2197 සැරයන් කපිලා කුමාරි ඞී.ඞී.ඞී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි