ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව බුත්තල ජනසංඛ මහා විද්‍යාලයට නව පන්ති කාමරයක් සහ ප්‍රතිසංස්කරණය කරන ලද සනීපාරක්ෂක පහසුකම් සංකීර්ණයක් සිසු අයිතියට පත් කිරීම සිදු කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් යටතේ බුත්තල, මහගොඩයාය, ජනසංඛ ආදර්ශ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද පන්ති කාමරයක් සහ ප්‍රතිසංස්කරණය කරන ලද සනීපාරක්ෂක පහසුකම් සංකීර්ණයක් සිසු අයිතියට පත් කිරීම සිදු කරන ලදී.

පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ රුපියල් මිලියන 2.5කට ආසන්න මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ ශ්‍රම දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

2026 නොවැම්බර් මස 01 වන දින පැවති මෙම නව පහසුකම් විද්‍යාලය වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නාලක වනසිංහ මහතා, මූල්‍ය පරිත්‍යාගශීලීන් සහ ගුවන් හමුදා ඉදිකිරීම් කණ්ඩායමේ සාමාජිකයන් සහභාගී විය. එහිදී නව පහසුකම් විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙත නිල වශයෙන් භාරදීම සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි