මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට එක්ව සිටින ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය එක්සත් ජාතීන්ගේ 81 වන සංවත්සරය ක්‍රීඩා, සංස්කෘතික සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් සමඟින් සමරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම (United Nations Multidimensional Integrated Stabilization Mission in the Central African Republic – MINUSCA) යටතේ රාජකාරියේ නිරත ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය (Sri Lanka Aviation Unit), 2026 ඔක්තෝබර් මස 26 වන දින පැවති එක්සත් ජාතීන්ගේ 81 වන සංවත්සර සැමරුම් උත්සවයට සක්‍රීයව දායක විය.
මෙම සැමරුම වෙනුවෙන් සාම සාධක මෙහෙයුම්වල නිරත සෙසු හමුදා කණ්ඩායම් සහ ජාත්‍යන්තර නිලධාරීන් සමඟ එක්ව ක්‍රීඩා තරග, සංස්කෘතික ප්‍රසංග සහ සිවිල්-හමුදා සහයෝගීතා (Civil-Military Cooperation – CIMIC) වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. සාමය ප්‍රවර්ධනය කිරීම, සාම සාධක භට පිරිස් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ එකමුතුකම හා පරිත්‍යාගශීලීත්වය තුළින් සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම සැමරුමේ ප්‍රධාන අරමුණු විය.
විවිධ රටවල් නියෝජනය කරන සාම සාධක කණ්ඩායම්වල සාමාජිකයන් එකම වේදිකාවකට එක් කරමින් පැවැත්වූ මෙම වැඩසටහන තුළින් සංස්කෘතික විවිධත්වය අගය කිරීම, ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම කණ්ඩායම් අතර මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමට ද අවස්ථාව සැලසිණි.
මෙම සැමරුමට සමගාමීව බංගුයි (Bangui) නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ අන්තර් නියෝජිතායතන බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය. එහි පිරිමි යුගල තරග ඉසව්ව නියෝජනය කළ ගෲප් කැප්ටන් කසුන් සේනාරත්න මහතා සහ බලලත් නිලධාරී අයි.ජී.පී.සී. ප්‍රේමතිලක මහතා අවසන් මහා තරගයේදී තරග වට 2–0ක ජයක් වාර්තා කරමින් ශූරතාව දිනා ගන්නා ලදී. MINUSCA මෙහෙයුම යටතේ සේවයේ නිරත විවිධ නියෝජිතායතනවල ක්‍රීඩකයන් සමඟ තරග කරමින් අත්කරගත් මෙම ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් හැඟීම, අධිෂ්ඨානය, විනය සහ සැබෑ ක්‍රීඩාශීලීත්වය මනාව ප්‍රදර්ශනය විය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයට මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ද මහත් අභිමානයක් එක් කරමින් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබීමට සමත් විය.
සංවත්සර සැමරුම් වැඩසටහනේ කොටසක් ලෙස ඊසානදිග මෙහෙයුම් කලාපයේ (North-East Sector) සේවයේ නිරත නිලධාරීන් සහ සෙසු නිලයන් අතර වොලිබෝල් තරග සහ මලල ක්‍රීඩා තරග ඇතුළු ක්‍රීඩා ඉසව් රැසක් ද සංවිධානය කර තිබිණි. එමඟින් ශාරීරික යෝග්‍යතාව, කණ්ඩායම් හැඟීම, එකමුතුකම සහ සුහදතාව වර්ධනය කිරීමට මෙන්ම සහභාගී වූ කණ්ඩායම් අතර සෞඛ්‍ය සම්පන්න තරගකාරීත්වයක් ඇති කිරීමට ද අවස්ථාව සැලසිණි.
ක්‍රීඩා වැඩසටහන්වලට අමතරව සිවිල්-හමුදා සහයෝගීතා (CIMIC) වැඩසටහන් යටතේ ප්‍රජාවට සහාය දැක්වීමේ මානුෂීය මෙහෙවරක් ද ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, ඊසානදිග මෙහෙයුම් කලාපයේ සේවයේ නිරත ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ සාමාජිකයන් ඇතුළු සෙසු සාම සාධක කණ්ඩායම්වල සාමාජිකයෝ බ්‍රියා (Bria) නගරයේ සිට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි කුඩා ගම්මානයක අවතැන් වූ ජනතාව වෙනුවෙන් පානීය ජලය බෙදාදීමේ වැඩසටහනකට එක් විය. එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටි පිරිසිදු පානීය ජල හිඟයට විසඳුමක් ලබාදීම මෙම මානුෂීය වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. මෙම වැඩසටහන තුළින් සංවත්සර සැමරුම හුදෙක් උත්සව අවස්ථාවකට පමණක් සීමා නොවී අවශ්‍යතා ඇති ජනතාව වෙනුවෙන් මානුෂීය සහයෝගය හා සේවය ලබාදීමේ වැදගත්කම ද ප්‍රායෝගිකව පෙන්නුම් කරන ලදී. එමඟින් සාම සාධක හමුදා සහ ප්‍රාදේශීය ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් විය.
2026 ඔක්තෝබර් මස 26 වන දින පැවති සැමරුම් වැඩසටහන් මාලාව අවසන් වූයේ ඊසානදිග මෙහෙයුම් කලාපයේ සිවිල් බලධාරීන්, රාජ්‍ය ආයතන නියෝජිතයන් සහ ප්‍රාදේශීය ජනතාව සමඟ MINUSCA මෙහෙයුමේ ජනවරම (Mandate) පිළිබඳව පැවැත්වූ පුළුල් සාකච්ඡාවකිනි. සාම සාධක නිලධාරීන් සහ ප්‍රාදේශීය පාර්ශ්වකරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම, සහයෝගීතාව ඉහළ නැංවීම සහ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
මෙම සැමරුම් උත්සවය අතරතුර ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ සාමාජිකයෝ සිය පොහොසත් සංස්කෘතික උරුමය විදහා දැක්වෙන විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් ද ඉදිරිපත් කරන ලදී. එමඟින් ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ සාමාජිකයන්, එක්සත් ජාතීන්ගේ සෙසු නිලධාරීන් සහ ප්‍රාදේශීය ජනතාව අතර මිත්‍රත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද අවස්ථාව උදා විය.
මෙම වැඩසටහනට සහභාගී වූ සෑම රටක්ම සිය සාම්ප්‍රදායික ආහාරපාන ප්‍රාදේශීය ජනතාව වෙත හඳුන්වාදීමේ වැඩසටහනකට ද එක් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ සාමාජිකයෝ ශ්‍රී ලාංකේය ක්‍රමයට සකස් කරන ලද නූඩ්ල්ස්, සාම්ප්‍රදායික කිරිකොස් ව්‍යංජනය සහ රසවත් ඉස්සන් ව්‍යංජනය ඇතුළු ආහාරපාන ඉදිරිපත් කරන ලදී. මෙම ආහාර සංස්කෘතික හුවමාරු වැඩසටහන තුළින් සහභාගී වූ පිරිස් වෙත ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියේ රසවත් හා විවිධත්වයෙන් යුත් ආහාර රටා අත්විඳීමට අවස්ථාව සැලසිණි. එමෙන්ම විවිධ රටවල සාම සාධක කණ්ඩායම්, එක්සත් ජාතීන්ගේ බලධාරීන් සහ ප්‍රාදේශීය ජනතාව අතර සංස්කෘතික හුවමාරුව, මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමට ද මෙම වැඩසටහන දායක විය.