ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ධුරයෙන් නික්ම යන සහ නව ධුරයට පත්වූ නිලධාරීහු ගුවන් හමුදාපතිතුමන් හමුවෙති
ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ කර්නල් අමන්ඩා ජොන්සන් මහත්මිය සහ එම ධුරයට අලුතින් පත්වූ කැප්ටන් බෙන් ෆෙනෙල් මහතා 2026 නොවැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශකවරයා නිල වශයෙන් හඳුන්වාදීම සහ කර්නල් අමන්ඩා ජොන්සන් මහත්මියගේ ශ්‍රී ලංකාවේ සේවා කාලය අවසන් වීම සනිටුහන් කිරීමයි.

මෙහිදී ගුවන් හමුදාපතිතුමන් විසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා කර්නල් අමන්ඩා ජොන්සන් මහත්මිය ලබාදුන් දායකත්වය අගය කළ අතර ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි සුබ පැතුම් එක් කරන ලදී. නව ආරක්ෂක උපදේශකවරයා ලෙස පත්වූ කැප්ටන් බෙන් ෆෙනෙල් මහතා උණුසුම් ලෙස පිළිගත් ගුවන් හමුදාපතිතුමන් දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්වාසය පළ කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් පැමිණි ආරක්ෂක උපදේශකවරුන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක් ද සිදු කරගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි