ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු සහාය පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු සහාය පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කිරීමේ පෙළපාළිය 2026 නොවැම්බර් මස 03 වන දින පැවැත්විය. එහි සාම්ප්‍රදායික අණදීම භාරදීමේ සහ භාරගැනීමේ පෙළපාළිය රත්මලාන ගුවන් හමුදා කඳවුරු පෙළපාළි භූමියේදී පැවැත්විය.
මෙහිදී එම පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ගෲප් කැප්ටන් ආර්.එම්.එල්.ජී.එන්.එල්. රාජසිංහ නිලධාරිතුමන් විසින් සිය අණදීමේ සහ වගකීම් නිල වශයෙන් ගෲප් කැප්ටන් ඩී.ජී.ටී.එස්. එදිරිසිංහ නිලධාරිතුමන් වෙත භාරදීම සිදු කරන ලදී.
නව අණදෙන නිලධාරී ලෙස පත්වූ ගෲප් කැප්ටන් සංජය එදිරිසිංහ මහතා මෙම නව පත්වීම භාරගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇත.