ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා මුදාගැනීමේ අංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගිනි නිවීමේ හා මුදාගැනීමේ පෙරහුරුවක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා මුදාගැනීමේ සේවය විසින් 2026 නොවැම්බර් මස 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගිනි නිවීමේ හා මුදාගැනීමේ පෙරහුරුවක් පවත්වන ලදී. මෙම අභ්‍යාසය ස්කොඩ්රන් ලීඩර් ගයාෂාන් අධිකාරි මහතාගේ අණදීම යටතේ සිදු කෙරුණු අතර ඒ මහතා අභ්‍යාසයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ ප්‍රධාන නිලධාරී ගෲප් කැප්ටන් චමිල් හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ගිනි නිවන භටයන් 45 දෙනෙකු ඇතුළු කොළඹ ගිනි නිවීමේ ඒකකය, කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය, සුවසැරිය ගිලන් රථ සේවය සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් මෙම අභ්‍යාසයට සහභාගී විය.
මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් කඹ ආධාරයෙන් උස් ස්ථානවලින් පහළට බැසීමේ ක්‍රමවේද (Rope Rappelling) ඇතුළු මුදාගැනීමේ උපක්‍රම ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කරන ලදී. එමෙන්ම, ගිනි නිවීමේ මෙහෙයුම් සහ උස් ස්ථානවලට ළඟාවීම සඳහා භාවිත කරන දිගු කළ හැකි ඉණිමං රථ (Aerial Ladder) මෙහෙයුම් සම්බන්ධයෙන් ද සිය මෙහෙයුම් සූදානම සහ නිපුණතාව ප්‍රදර්ශනය කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.
මෙම අනුකරණාත්මක පෙරහුරුවේ ප්‍රධාන අරමුණ වූයේ ඊට සහභාගී වූ සියලුම ඒකකවල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඇගයීම හා තවදුරටත් ඉහළ නැංවීම මෙන්ම, සැබෑ හදිසි ආපදා තත්ත්වයකදී කඩිනමින් සහ ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ගුවන් හමුදා මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ දැනුවත්භාවය වර්ධනය කිරීමයි.
මෙම අභ්‍යාසය ගුවන් මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතා ඇතුළු ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් විසින් නිරීක්ෂණය කරන ලදී. ගුවන් හමුදා මූලස්ථානයේ පළමු සහ තෙවන මහල්වල සිදුවූ බවට අනුකරණය කරන ලද හදිසි අනතුරුදායක තත්ත්වයක් පදනම් කරගනිමින් මෙම පෙරහුරුව පැවැත්වීම හේතුවෙන් සැබෑ හදිසි අවස්ථාවකට සමාන පරිසරයක් නිර්මාණය කරමින් අභ්‍යාසය ක්‍රියාත්මක කිරීමට හැකි විය.