ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් ශූරතාවලිය – 2026 කටුනායකදී සාර්ථකව අවසන් විය
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පිරිමි සහ කාන්තා ක්‍රිකට් ශූරතාවලිය – 2026, සහභාගී වූ කණ්ඩායම්වල ක්‍රීඩා කුසලතා, තරගකාරීත්වය සහ ක්‍රීඩාශීලීත්වය මැනවින් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් විය.

පිරිමි අංශයේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය – අම්පාර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර අතර පැවති අතර කාන්තා අංශයේ අවසන් මහා තරගය ඒකල වෘත්තීය පුහුණු පාසල සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය අතර පැවැත්විය.

පිරිමි අංශයේ අවසන් මහා තරගයේදී අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයට එරෙහිව විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරු කණ්ඩායම එම අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණ්ඩායමට එරෙහිව කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළ ඒකල වෘත්තීය පුහුණු පාසල් කණ්ඩායම එම අංශයේ ශූරතාව හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයාර් වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර, ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන්, ගුවන් හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සාමාජිකයන් සහ ගුවන් හමුදාවේ විවිධ අංශයන් නියෝජනය කරමින් නිලධාරීන්, ගුවන් භටයන් සහ ගුවන් කාන්තාවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සියලුම සහභාගී වූ කණ්ඩායම් ප්‍රදර්ශනය කළ කැපවීම සහ ක්‍රීඩාශීලීත්වය ඇගයීමට ලක් කරමින් ද, ජයග්‍රාහී කණ්ඩායම්වල ජයග්‍රහණ අගය කරමින් ද මෙම ශූරතාවලිය සාර්ථකව අවසන් විය.

තරගාවලියේ විශේෂ ඇගයීම්

පිරිමි අංශය
•    අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා: කෝප්‍රල් විජේරත්න ඩබ්ලිව්.එම්.ඩී.එල්.
•    තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා: සැරයන් කුමාර ආර්.ආර්.එන්.පී.

කාන්තා අංශය
•    අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව: නායක ගුවන් කාන්තා  පද්මකුමාරි ආර්.එල්.
•    තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව: නායක ගුවන් කාන්තා  කොෂාලි ඩබ්ලිව්.ඩී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි