ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 111 මිනිසුන් රහිත ගුවන් යානා බලඝණයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරට අනුයුක්ත අංක 111 මිනිසුන් රහිත ගුවන් යානා බලඝණයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කිරීමේ උත්සවය 2026 නොවැම්බර් මස 05 වන දින පැවැත්විය. අණදීම භාරදීමේ සහ භාරගැනීමේ නිල පෙළපාළිය එම බලඝණ පරිශ්රයේදී පැවැත්විය.
එහිදී නික්ම යන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් පී.ඩබ්ලිව්.ඩී.බී. රත්නායක නිලධාරිතුමන් විසින් බලඝණයේ අණදීමේ සහ වගකීම් නිල වශයෙන් නව අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කේ.ඩී.ටී.එම්. විජේසිංහ නිලධාරිතුමන් වෙත භාරදීම සිදු කරන ලදී.
විංග් කමාන්ඩර් පී.ඩබ්ලිව්.ඩී.බී. රත්නායක මහතා 2023 අගෝස්තු මාසයේදී අංක 111 මිනිසුන් රහිත ගුවන් යානා බලඝණයේ අණදීම භාරගත් අතර සිය සේවා කාලය අවසන් වන තෙක් එහි අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ලදී.
නව අණදෙන නිලධාරී ලෙස පත්වූ විංග් කමාන්ඩර් කේ.ඩී.ටී.එම්. විජේසිංහ මහතා මෙම නව පත්වීම භාරගැනීමට පෙර ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 111 මිනිසුන් රහිත ගුවන් යානා බලඝණයේ මෙහෙයුම් භාර නිලධාරී ලෙස කටයුතු කර ඇත.