ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් හමුදා කෞතුකාගාරය 17 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරය සිය 17 වන සංවත්සරය 2026 නොවැම්බර් මස 05 වන දින එහි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඒ.ඒ.එස්.කේ මුණසිංහ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සමරන ලදී.
සංවත්සර සැමරුම් වැඩසටහන ආරම්භ කරමින් සාම්ප්‍රදායික රාජකාරි පෙළපාළියක් පැවැත්වූ අතර එය කෞතුකාගාරයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඒ.ඒ.එස්.කේ මුණසිංහ නිලධාරිතුමන්ගේ විසින් පරීක්ෂා කරන ලදී. මෙම පෙළපාළිය මඟින් එම ස්ථානයේ සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයන්ගේ කැපවීම, විනය සහ රාජකාරි සඳහා ඇති බැඳීම ඇගයීමට ලක් කරන ලදී.
සංවත්සර සැමරුමට සමගාමීව 2026 නොවැම්බර් මස 02 වන දින ක්‍රිකට් තරගයක් ද සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ගුවන් හමුදා කෞතුකාගාරයේ සේවයේ නියුතු සාමාජිකයන් එක්විය.