ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපන්දු ශූරතාවලිය - 2026 සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපන්දු ශූරතාවලිය 2026 නොවැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල් පාපන්දු ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් විය.
ගුවන් හමුදා කඳවුරු 15ක් නියෝජනය කරමින් පිරිමි හා කාන්තා කණ්ඩායම් සහභාගී වූ මෙම තරගාවලියේ සියලුම තරග ඒකල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගුවන් හමුදාපතිතුමාගේ සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු සභාපති එයාර් කොමදෝරු අෂාඩ් ලියනාරච්චිගේ මහතාගේ මෙහෙයවීමෙන් සංවිධායක කමිටුව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.
පිරිමි අංශයේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රී ජයවර්ධනපුර කඳවුර විසින් දිනාගත් අතර, අනුරාධපුර ගුවන් හමුදා කඳවුර අනුශූරතාව හිමිකර ගත්තේය. කාන්තා අංශයේ ශූරතාව කටුනායක ගුවන් හමුදා කඳවුර දිනාගත් අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල අනුශූරතාව දිනා ගත්තේය.
තරගාවලියේ අවසන් තරග සහ ත්‍යාග ප්රදානෝත්සවය සැපයුම් අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ඒ.එම්.ජී.එස්.බී. අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර. එම අවස්ථාවට කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් එක්ව සිටියහ.
තරගාවලිය පුරා දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් විශේෂ පුද්ගල සම්මාන ද පිරිනමන ලදී.
පිරිමි අංශය
දක්ෂතම ක්‍රීඩකයා – නායක ගුවන් භට ලංකේෂ්වර කේ.සී.කේ (ගුවන් හමුදා අනුරාධපුර කඳවුර)
දක්ෂතම ලකුණු ලාභියා – කෝප්රල් ෆ්රෙනැන්ඩෝ WDS ඩබ් ඩී එස් (ගුවන් හමුදා කඳවුර ශ්‍රී ජයවර්ධනපුර)
දක්ෂතම ගෝල රකින්නා – බලපංති සැරයන් රත්නායක RMRD ආර් එම් ආර් ඩී (ගුවන් හමුදා කඳවුර ශ්‍රී ජයවර්ධනපුර)
කාන්තා අංශය
දක්ෂතම ක්‍රීඩිකාව – ගුවන් කාන්තා පෙරේරා HADS එච් ඒ ඩී එස් (ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල)
දක්ෂතම ලකුණු ලාභිනිය – කෝප්රල් සෙව්වන්දි LBD (ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක)
කුසලාන සහ පුද්ගල සම්මාන ප්රදානය කිරීමෙන් අනතුරුව සම්භාවනීය අමුත්තන්, නිලධාරීන් සහ සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් සුහද හමුවක් ද පැවැත්විණි.